2022 ජූලි 22, පෙ.ව. 9:42
නාවලපිටිය නගරයේ පිහිටි සමූපකාර ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු විසින් මෝටර් රථයකට ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ රැදී සිටි වාහන හිමියෙකුට ඊයේ (21) දින පස්වරුවේ පහර දී ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
සමූපකාර ඉන්ධන පිරවුම්හලෙන් පෙට්රල් ඉන්ධන ලබා ගැනීම සදහා වාහන හිමියන් උදෑසන සිට පෝලිම් වල රැදී සිට ඇති අතර පෝලිම් වලට පරිබාහිරව කළමනාකාරවරයාට හිතවත් පිරිසකට ඉන්ධන නිකුත් කිරිම පිළිබඳව ප්රශ්න කිරිමට යාමේදි කලමණාකරු විසින් තමන්ට පහර දුන් බවයි පහරකෑමට ලක් වු වාහන හිමියා කියා සිටියේ.
සමූපකාර ඉන්ධන පිරවුම්හලෙන් ඊයේ (21) දින වාහනය ලියාපදිංචි 3, 4, 5 අවසාන අංකයට ඉන්ධන නිකුත් කල අතර එම අංක වලට ඉන්ධන ලබාගැනිම සදහා කිලෝමිටර් තුනක් දුරට පමණ දිගු පෝලිම් පැවති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කලේ.
හැටන් – රංජිත් රාජපක්ෂ
2024 නොවැම්බර් 14, ප.ව. 8:02
2024 නොවැම්බර් 14, ප.ව. 6:35
2024 නොවැම්බර් 14, ප.ව. 5:07
2024 නොවැම්බර් 14, පෙ.ව. 1:15
2024 නොවැම්බර් 14, පෙ.ව. 12:55