2026 සැප්තැම්බර් 22, ප.ව. 5:04
ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත් වූ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති Wei Huaziang මහතා සැප්තැම්බර් 22 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
මෙම සුහද හමුවේදී, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන සබඳතා සහ ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම ඇතුළු දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම්වරයා සහ චීන තානාපතිවරයා අදහස් හුවමාරු කර ගත්හ.
ශ්‍රී ලංකාව වෙත චීනය විසින් අඛණ්ඩව ලබාදෙන සහයෝගය සහ සහාය පිළිබඳව ද ආරක්‍ෂක ලේකම්වරයා සිය ස්තූතිය පළ කළේය.
මෙම අවස්ථාවට කොළඹ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Senior Colonel Fu Xiao ද සහභාගී විය.
2026 සැප්තැම්බර් 22, ප.ව. 5:43
2026 සැප්තැම්බර් 22, ප.ව. 4:01
2026 සැප්තැම්බර් 22, ප.ව. 3:47
2026 සැප්තැම්බර් 22, ප.ව. 3:03
2026 සැප්තැම්බර් 22, ප.ව. 1:43