2026 නොවැම්බර් 09, ප.ව. 2:45
පසුගියදා කොළඹ නගරය පුරා හටගත් දැඩි ගංවතුර තත්ත්වයට බලපෑ හේතු සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනිය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එකිනෙකට පරස්පර අදහස් පළ කිරීම හේතුවෙන් මතභේදාත්මක වාතාවරණයක් උද්ගතව ඇත.
කොළඹ නගරාධිපතිනී ව්‍රායි බැල්තසාර් මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ, කෙටි පැය කිහිපයක් තුළ මිලිමීටර් 129ක අධික වර්ෂාපතනයක් නගරයට පතිත වීම මෙලෙස ජල ගැලීම් හටගැනීමට ප්‍රධාන හේතුව වූ බවයි. කොළඹ නගරයේ පවතින කාණු පද්ධතිය නිර්මාණය කර ඇත්තේ මිලිමීටර් 30 ත් 50 ත් අතර වර්ෂාපතනයක් දරාගැනීමට පමණක් බව ද ඇය සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පෙන්වා දෙන්නේ, නගරයේ කාණු පද්ධතිය නිසි පරිදි නඩත්තු නොකර අපද්‍රව්‍යවලින් අවහිර වී තිබීම හේතුවෙන් ජලය බැසයාම ඇනහිටීම මෙම ගංවතුරට මූලික හේතුව වූ බවයි.
අතීතයේදී මීට වඩා විශාල වර්ෂාපතනයන් කොළඹට ඇදහැලුණු බව සිහිපත් කරන ඒ මහතා, 1992 වසරේදී මිලිමීටර් 440 ක වාර්තාගත මහා වැස්සක් ද, 2016 සහ 2017 වර්ෂවලදී මිලිමීටර් 200 ඉක්මවූ අධික වර්ෂාපතනයන් ද කොළඹට ලැබී තිබූ බව පෙන්වා දෙයි.
පසුගිය 6 වැනිදා පස්වරුවේ ඇදහැලුණු මෙම අධික වර්ෂාවත් සමඟ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, විකිරණ අංශය, ඖෂධාගාර මෙන්ම වාට්ටු කිහිපයක් ද මුළුමනින්ම ජලයෙන් යටවීම හේතුවෙන් රෝගී ප්‍රතිකාර සේවාවන්ට බරපතළ බාධා එල්ල විය.
ඊට අමතරව කොළඹ නගරයේ ප්‍රධාන මංමාවත් රැසක් ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනාගමනය ඇණහිට සාමාන්‍ය ජන ජීවිතය මුළුමනින්ම අඩාල විය.
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:39
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:37
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:35
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:31
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:25