hit counter

2026 පෙබරවාරි මස 01 වන ඉරිදා

2026 පෙබරවාරි 02, පෙ.ව. 12:38



ටෙලිනාට්‍ය  ක්ෂේත්‍රය තුළ අහිංසක චරිත හරහා නිතරම ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය නමින් සුරූපී රංගන ශිල්පිනි තිසුරි යුවනිකා.

ඉතින් ඇයගේ ආදරණීය මව තමයි ප්‍රසිද්ධ කලාකාරිනි සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ.

පසුගිය කාල සීමාවේදී තිසුරි ගත කළේ හරිම දුක්බර කාලවකවානුවක් කිව්වොත් නිවැරදියි.

ඒකට ප්‍රධානම හේතුව ඇයගේ මාව එහෙමත් නැත්නම් සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය හදිස්සියෙම පියවුරු පිළිකාමය රෝගී තත්ත්වයකින්  පීඩා වින්ඳ නිසයි.

තිසුරි මේ වෙද්දි විවාහකයි.

තවමත් සතුටෙන් වගේම විනෝදයෙන් කාලය ගෙවන තිසුරිට ඇගේ ජීවිතේ වටිනාම කෙනා ඇයට මුණ ගැසුන නිසා කියලා කියන්න පුළුවන්.

තිසුරි පුවත්පතක් හා සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් මෙසේ අදහස් දක්වා තිබුණා.

”මගේ පෞද්ගලික වැඩ කිහිපයක් හින්ද පොඩ්ඩක් රඟපෑමෙන් ඉවත් වෙලා ඉන්නවා. මොකද ඒවාට දිය යුතු කාලය ලබාදෙන්න ඕනෑ නැතිනම් ආපහු මට ඒ කාලය ලබාගන්න බැහැ.

මොකද මම හැමවෙලාවෙම හිතනවා හරි දේ හරි කාලේදී කරන්න ඕනෑ කියලා.

මම පුංචි කාලේ ඉඳලා රඟපෑවා. සාමාන්‍ය පෙළ අවසන් වුණත් හරි මගේ වෘත්තීය වුණේ රංගනය.

2020 අම්මා අසනීප වෙනකන් වගේම මම එක දිගටම රංගනයට දායක වෙච්ච කෙනෙක්. ඊට පසුව පෞද්ගලික හේතු නිසයි මම රංගනයට විරාමයක් තිබ්බේ. මොකද මට ඒ ගැන කිසිම පසුතැවීමක් නැහැ.

ආපසු හැරී බැලුවොත් මට පුළුවන් විදියට ලස්සන නිර්මාණ කිහිපයක්ම කරලා තියෙනවා. ඒවා ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳෙන චරිත. ඒ තමයි මම මගේ රංගන ජීවිතයේ එකතු කර ගත්තු වස්තූන්. රඟපාන්නේ නැත්තේ නැහැ. මොකද රංගනය කියන්නේ මගේ ඇඟේ තියෙන දෙයක්. මගේ අම්මාගෙන් ලැබුණු දෙයක්, මම ආදරය කරන දෙයක්.

මම කලින් වගේ වැඩ කරන එකක් නැහැ. මම ආස කරන නිර්මාණයකට ආරාධනා ලැබුණොත් විදෙස්ගත වෙලා හිටියත් මම ලංකාවට ඇවිදින් දායකවෙලා යයි. හැබැයි හොඳ නිර්මාණයකට දායක වෙයි.”

– ජනප්‍රිය රංගන ශිල්පිනි තිසුරි යුවනිකා