hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 22, ප.ව. 4:32


තෙල් පෝලිම්වල මරණ දෙකක්

අද දිනයේ ඉන්ධන පෝලිම්වල මරණ දෙකක් ප්‍රදේශ දෙකකින් වාර්තා වෙනවා.

ඒ, කින්නියා සහ මතුගම ප්‍රදේශයෙනුයි.

කින්නියා ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු ඇදවැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මේ අතර මතුගම පැලවත්ත ඉන්ධන පිරවුම්හලේ ඇති වූ තදබයක් අතරතුර පෝලිමේදී තෙරපීමට ලක් වූ පුද්ගලයකු අසනීප වී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.