hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2026 පෙබරවාරි 03, ප.ව. 4:17



ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත 2026.03.15 සිට 2026.09.14 කාලය තුළ පෙට්‍රල් 92 බැරල් 300,000 ක් බැගින් වූ නැව් තොග 05ක් ප්‍රසපාදනය සඳහා එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත.

ඒ සඳහා සැපයුම්කරුවන් 06 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇති අතර එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය මත පදනම්ව, එම කොන්ත්‍රාත්තුව අවම ලංසුකරු වන සිංගප්පූරුවේ Epdesa Pvt Ltd වෙත පිරිනැමීම පිණිස බල ශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඒ අනුව පෙට්‍රල් 92 නැව් තොග 05 ක් ප්‍රසම්පාදනය සඳහා වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.