2026 පෙබරවාරි 14, ප.ව. 4:30
ශ්‍රී ලංකාව වර්තමානය වන විට ජන සංයුතිය අතින් තීරණාත්මක අවධියක පසුවන අතර සාමාන්‍ය අපේක්ෂිත ආයු කාලය ඉහළ යාම සහ උපත් අනුපාතය පහළ යාම හේතුකොට ගෙන වසර 2030 වන විට මෙරට සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන්ම එක් අයෙක් අවුරුදු 60ට වඩා වැඩි වැඩිහිටියෙක් වීම අප හමුවේ ඇති අභියෝගයයි. මෙම විපර්යාසයේ ප්‍රතිඵල ආර්ථිකමය සහ සමාජමය වශයෙන් දැනටමත් දැකගත හැකි අතර, ශ්‍රම බලකාය පහළ යාම, සෞඛ්‍ය සහ විශ්‍රාමික වියදම් ඉහළ යාම, රෝහල් ධාරිතාව මත ඇතිවන අධික පීඩනය සහ යැපෙන්නන්ගේ අනුපාතය වර්ධනය වීම වැනි ගැටළු රැසක් මේ හරහා මතු වෙමින් පවතී.
මේ සියල්ලටම අමතරව, ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් මුහුණ දෙන සංවේදී මානුෂීය සත්‍යයක්ද වෙයි. එනම් දෙමාපියන් විශ්‍රාම යන විට ඔවුන්ගේ ලෝකයද ඒ සමඟම කුඩා වන බවයි. ඔවුන්ගේ දින චර්යාවන් ඒකාකාරී වී අරමුණු සහ ආශාවන්ද හීන වන අතර ඊට සමගාමීව ක්‍රියාශීලීබව, මතක ශක්තිය සහ ප්‍රතිශක්තිය පහළ යාම ආරම්භ වීම කණගාටුදායක යථාර්ථයයි.
වසර 60කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් හිමි, වැඩිහිටි අතිරේක පෝෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විශ්වාසනීයතම සන්නාමය වන සස්ටජෙන් :ීමිඒටැබ*, මෙම තීරණාත්මක මොහොතේදී ශ්‍රී ලාංකිකයින් වයස්ගත වීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව සාධනීය මැදිහත් වීමක් සිදු කරමින් සිටී. සැඟවුණු විශ්‍රාම දිවියක් වෙනුවට, වැඩිහිටියන්ට ස්වාධීනත්වයෙන් සහ ජවයෙන් පිරුණු විශ්‍රාම දිවියක් වැළඳ ගැනීමට හැකියාව ලබා දීම මෙම සස්ටජෙන් නව ප්‍රවේශයේ අරමුණයි.
“ීමිඒටැබ මඟහරින්න බැරි ගුණයක් – සුවපත් මව්පිය පරපුරක්” යන තේමාව පෙරදැරිව දියත් කර ඇති මෙම ජාතික කර්තව්‍යය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා විද්‍යාත්මකව සකසන ලද අත්‍යවශ්‍ය පෝෂ්‍ය පධාර්ථ 24කින් සමන්විතව සස්ටජෙන් පාරිභෝගිකයින් වෙත පැමිණෙයි. මෙහිදී මූලික අවධානය යොමු කෙරෙන්නේ සෞඛ්‍ය සම්පන්න ලෙස වයස්ගත වීම සඳහා රුකුල් දෙන ප්‍රධාන අංග තුනක් කෙරෙහි ය. එනම්, ක්‍රියාශීලී බව :්ජඑසඩැබැි, ප්‍රතිශක්තිය :ෂපපමබසඑහ සහ මතක ශක්තිය :ක්‍දටබසඑසඩැ ිඑරුබටඑය* යන්නයි. වයස අවුරුදු 60 සීමාවේදී ඔවුන්ගේ ජීවිතවලට නව විශ්වාසයක් ලබා දෙමින් සිත සහ කය දෙකම සවිමත්ව පවත්වා ගැනීමට උපකාරී වේ.
සස්ටජෙන් විසින් මෙම නව සන්නාම මෙහෙවර එළිදැක්වීම වෙනුවෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී :ඊඵෂක්‍්‍ය* විශේෂ උළෙලක් සහ විද්වත් මණ්ඩල සාකච්ඡාවක් සංවිධානය කරන ලදී. වැඩිහිටි දිවියේ නීරෝගීත්වය පිළිබඳව සංකේතයක් බඳු ජනප්‍රිය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු චමින්ද වාස්, වයස්ගත වන දෙමාපියන්ගේ වගකීම දරන නව පරපුරේ ජනප්‍රිය කලාකරුවෙක් වන රොෂාන් රණවන සහ හිටපු ශ්‍රී ලංකා රූ රැජින අනුදි ගුණසේකර වැනි ජනප්‍රිය චරිත මෙන්ම, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මධුර ජයසිංහ මහතා වැනි සම්මානනීය විශේෂඥයන්ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර වැඩසටහන මෙහෙයවීම ප්‍රවීණ මාධ්‍යවේදී සහ නිවේදක මාධව විජේසිංහ විසින් සිදු කෙරිණි.
මෙම උත්සවය අමතමින් අදහස් දැක්වූ මහාචාර්ය මධුර ජයසිංහ මහතා, සෞඛ්‍ය සම්පන්නව වයසට යාම සඳහා පෝෂණය ඉටු කරන කාර්යභාරය මෙසේ අවධාරණය කළේය “දෙමාපියන් වයසට යත්ම ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සැලකිය යුතු ලෙස වෙනස් වෙනවා. ක්‍රියාශීලී බව, ප්‍රතිශක්තිය සහ මතක ශක්තිය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නිසි ලෙස ලබා ගැනීම ඉතා වැදගත්. නිවැරදි පෝෂණය සමඟ ක්‍රියාශීලී ජීවන රටාවක් සහ ජීවිතයට නව අරමුණක් එක් වූ විට, එය වැඩිහිටියන්ගේ ජීවන තත්ත්වය ගුණාත්මක ලෙස ඉහළ දැමීමට හේතු වෙනවා.”
ඍැජනසඑඑ ීරස ඛ්බන් සමාගමේ අලෙවි කළමනාකරු අනුරාධ හේවාගේ මහතා සන්නාමයේ දැක්ම පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය “ශ්‍රී ලංකාවේ ජනගහනය වයසට යද්දී, ඒ පිළිබඳව හුදෙක් කනස්සල්ල පළ කිරීම වෙනුවට ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරීව කටයුතු කිරීම දක්වා අපගේ සංවාදය වෙනස් විය යුතුයි. අපගේ අරමුණ වන්නේ ීමිඒටැබ හරහා දරුවන් දිරිමත් කිරීමයි; ඒ තම දෙමාපියන්ට ජීවිතයට නව අරමුණක් ලබා දීමටත්, ඒ සමඟම නිරෝගීව වයසට යාමට අවශ්‍ය පෝෂණීය සහාය ලබා දීමටත් ය. මෙය හුදෙක් එක් සන්නාමයක වැඩසටහනක් පමණක් නොවේ. මෙය නිරෝගී දෙමාපිය පරපුරක් සහ, අවසානයේදී වඩාත් ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වන ජාතික මට්ටමේ මෙහෙවරක්.”
මෙම උත්සවයේදීිීමිඒටැබ භමඑරසඑසදබ ඛ්ඉ’ ක්‍රියාත්මක වූ අතර, එහිදී සහභාගී වූවන්ට සරල පරීක්ෂණ හරහා තම පෝෂණ ඌනතා හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණි. එමගින් සෞඛ්‍ය සම්පන්නව වයසට යාම සඳහා නිසි පෝෂණ පිළිවෙත් සහාය වන ආකාරය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා දුන්නේය.
දෙමාපියන් වයසට යාම නවත්තන්න බැරි වුනත්, ඔවුන් වයසට යන විදිය වෙනස් කිරීමට අපට හැකියාව ඇති බව ශ්‍රී ලාංකිකයින්ට සන්නිවේදනය කිරීමේ මූලික අරමුණ ඇතිව සෞඛ්‍ය සම්පන්නව වයසට යාම පිළිබඳ ශ්‍රී ලංකාවේ කතිකාවතට සස්ටජෙන් දිගින් දිගටම නායකත්වය ලබා දීමට කටයුතු කරනු ඇත.
2026 පෙබරවාරි 14, ප.ව. 4:15
2026 පෙබරවාරි 13, ප.ව. 4:13
2026 පෙබරවාරි 12, පෙ.ව. 11:01
2026 පෙබරවාරි 11, ප.ව. 1:36
2026 පෙබරවාරි 11, ප.ව. 12:49