hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 ජූලි 23, ප.ව. 3:26



අද (23) සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී ඊට පරිබාහිරව ක්‍රියාකරන සේවකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අද සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැකි බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය මීට පෙර සඳහන් කළේ.

එය ලබන පළවනදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියා.

පසුගිය බ්‍රහස්පතින්දා භාණ්ඩ සහ මගී ප්‍රවාහන දුම්රිය ගාස්තු ඉහළ නංවමින් ප්‍රවාහන අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කළා.