hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2022 ජූලි 24, ප.ව. 11:22



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් ජාත්‍යන්තර සංවිධානයක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

‘ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය’ (The International Truth and Justice Project – ITJP) නමැති සංවිධානය අදාළ පැමිණිල්ල මගින් සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ 2009 වසරේ සිවිල් යුද්ධයේදී රටේ ආරක්ෂක ප්‍රධානියා ලෙස සිටියදී ජිනීවා සම්මුතීන් බරපතළ ලෙස උල්ලංඝණය කළ බව යි.

අදාළ පැමිණිල්ලේ පිටපතක අඩංගු කරුණු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය මේ බව වාර්තා කර තිබෙනවා.

එමෙන් ම විශ්වීය අධිකරණ බලය මත පදනම්ව, එම චෝදනා සඳහා සිංගප්පූරුවේදී නඩු පැවරීමට හැකියාවක් පවතින බවට දකුණු අප්‍රිකාව පදනම් කරගත් ITJP සංවිධානය තර්ක කර ඇතැයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජූලි 13 වන දා අලුයම මාලදිවයින් වෙත පළා ගොස් තිබුණු අතර පසුව ඔහු සිංගප්පූරුව බලා ගොස් තිබුණා.