2022 ජූලි 25, පෙ.ව. 12:51
ඉදිරියේදී පළාත් ආණ්ඩුකාරවරුන් වෙනස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.
ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරය ඒ.එස්.පී ලියනගේ මහතා ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වනවා.
ඌව පළාත් ආණ්ඩුකාර ධූරය ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සෙන්දිල් තොන්ඩමන් මහතා ලබා ගැනීමට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා ඉල්ලා අස්වීමට සූදානම් බවට ප්‍රකාශ කළද ඒ මහතා එම තීරණය වෙනස් කර තිබෙන බව සඳහන් කළා.
කෙසේ වෙතත් දැනට සිටින ආණ්ඩුකාරවරු කිහිපදෙනෙකු සිය ධූරවලින් ඉදිරියේදී ඉවත් වීමට සූදානම් බවද වාර්තා වනවා.
2026 ජනවාරි 14, පෙ.ව. 12:12
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:08