2026 මාර්තු 18, ප.ව. 4:27
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 ආරම්භ කිරීමට සූදානම් බවත් ඊට අදාළ සියලු මොඩියුල විශේෂ කමිටු හරහා ගැඹුරින් නැවත සලකා බලමින් පවතින බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුවේ දී අවධාරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුව ඊයේ (17) දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇති අතර එහිදී දී මේ බව සාකච්ඡා කළ බව පවසයි.
ඊට අමතරව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම 2026 වසරේ ආරම්භ කළ පළමු ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රගතිය පිළිබඳ අධික්ෂණය කිරීම ඉදිරියේදී සිදු කරන බව ද එහිදී නිලධාරීන් ප්‍රකාශ කර ඇති බව සඳහන්.
2026 මාර්තු 18, ප.ව. 4:38
2026 මාර්තු 18, ප.ව. 4:35
2026 මාර්තු 18, ප.ව. 4:31
2026 මාර්තු 18, ප.ව. 3:41
2026 මාර්තු 18, ප.ව. 3:21