2026 අප්‍රේල් 08, ප.ව. 12:42
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සිය මන්ත්‍රී වැටුප් පතෙහි ඡායාරූපයක් මුහුණු පොතට නිකුත් කර තිබෙනවා.
එම වැටුප් පතෙහි සඳහන් අගය පසුගිය මාසයේ ලැබුණු වැටුප බවයි ඔහු සමාජ මධ්‍යයේ සඳහන් කර ඇත්තේ.
ඒ අනුව, සියලු කපා හැරීම්වලින් අනතුරුව ඔහුගේ මූලික වැටුප රුපියල් 395,861.22ක් ලෙසයි එහි දැක්වෙන්නේ.
එහි සඳහන් වන්නේ ” සුභ උදෑසනක් ආදරණීය හිතවතුනි ! මේ මගේ ගිය මාසයේ පාර්ලිමේන්තු වැටුපයි! යනුවෙනි.
මෙම වැටුප් ලේඛනය සමඟ විශේෂ සටහනක් තබමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ, අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද මෙවැනිම වැටුපක් ලැබෙන බවත්, නමුත් ඒ පිළිබඳව ජනතාව මෙතෙක් නිසි ලෙස දැනුවත් වී නොමැති බවයි.
“කෙනෙකු විවේචනය කිරීමට පෙර වරක් සිතන්න”යනුවෙන් ඔහු සිය සටහන මගින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

2026 අප්‍රේල් 08, ප.ව. 12:17
2026 අප්‍රේල් 08, පෙ.ව. 11:25
2026 අප්‍රේල් 08, පෙ.ව. 10:36
2026 අප්‍රේල් 08, පෙ.ව. 9:56
2026 අප්‍රේල් 08, පෙ.ව. 8:28
10-09-25
10-09-25
21-08-25
21-08-25
26-07-25
26-07-25
30-06-25
30-06-25
05-02-25
05-02-25
12-01-25
12-01-25