hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 26, පෙ.ව. 3:12



හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කළ මාස 6 ප්‍රතිපත්ති ප්‍රකාශය මහ බැංකුව තුළ ක්‍රියාත්මක වී නොතිබූ බව වත්මන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පමණක් නොව තවත් කාරණා ගණනාවක් ක්‍රියාත්මක කර නොතිබූ බවත් මෙච්චර ණය ලැබෙන බවටද හිටපු අධිපතිවරයා ප්‍රකාශ කර තිබූ බවත් ඔහු පෙන්වා දුන්නා.

හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය මාර්ග සිතියමෙන් පසු සංචිත බිංදුවට වැටුණු බවත් පෙන්වා දුන් වීරසිංහ මහතා ඔහු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය පොලී කපා හැරීමක් ක්‍රියාත්මක නොකල බවත් කියා සිටියා.

මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(25) රාත්‍රී හිරු නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.