2026 අප්‍රේල් 22, පෙ.ව. 12:16
වර්තමානයේ පවත්වනු ලබන ඇතැම් අවුරුදු උත්සව හරහා සිංහල අලුත් අවුරුද්දේ සැබෑ සංස්කෘතික පදනම විනාශ වෙමින් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, අලුත් අවුරුදු කුමරිය තේරීම වැනි අංග, නිරුවත ප්‍රදර්ශනය කරන තරඟ බවට පත්ව ඇති බවයි.
ප්‍රකට නිරූපණ ශිල්පී චන්දිමාල් ජයසිංහ වැනි අය සංවිධානය කරන අවුරුදු උත්සව පිළිබඳව සිය විවේචනය එල්ල කළ විමල් වීරවංශ මහතා, අලුත් අවුරුදු කුමරිය තේරීම යනු විලිබිය නැති කරන හෝ නිරුවත ප්‍රදර්ශනය කරන ක්‍රියාවලියක් නොව, සංස්කෘතික හැදියාවෙන් යුතු තරුණියක තෝරාගැනීමක් බව එහිදී කියා සිටියා.
කෙසේවෙතත් වර්තමානය වන විට ඇතැම් අවුරුදු ක්‍රීඩා ජන ක්‍රීඩා යන අර්ථයෙන් බැහැරව, ප්‍රජනන ක්‍රීඩා මට්ටමට විකෘති කර විනාශ කර ඇති බව විමල් වීරවංශ මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, ඕනෑම ජාතියක් බිඳවට්ටන්නට නම් ඔවුන්ගේ සංස්කෘතික පද්ධතියට ප්‍රහාර එල්ල කළ යුතු බවත්, වර්තමානයේ සිදුවෙමි පවතින්නෙ එම කාර්යය බවයි.
එමෙන්ම සිංහල-දෙමළ අලුත් අවුරුද්ද යන හැඳින්වීම පවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් හිතාමතා නිර්මාණය කරන ලද්දක් බව පෙන්වා දුන් ඔහු, හින්දු ජනතාව සූර්ය වන්දනාවක නියැලුණද ඔවුන් සිංහල ජනතාව මෙන් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන සංස්කෘතික උළෙලක් නොපවත්වන බව සඳහන් කළා.
“අපි ඉස්ලාම් උත්සවවලට ‘සිංහල-ඉස්ලාම්’ කියන්නේ නැහැ වගේම, තෛපොංගල්වලට ‘සිංහල-දෙමළ’ කියන්නේත් නැහැ. මේක එදා කළේ අපේ අනන්‍යතාව බිඳින්නයි”
මේ අතර වත්මන් රජය නැකත් පිළිබඳව ඇති කළ මතභේදය පිළිබදව ඔහු කියා සිටියේ, සංස්කෘතික අමාත්‍යාංශය මුලින් නැකත් නැති බව පවසා පසුව විරෝධය හමුවේ ස්ථාවරය වෙනස් කිරීම තුළින් ජනතාව තුළ අවිශ්වාසයක් ඇති කළ බවයි.
.එමෙන්ම රාජ්‍ය නායකයා අනුරාධපුරයේ සිදු කළේ අලුත් අවුරුදු චාරිත්‍රයක් නොව නිවසකට ගෙවදීමේ උත්සවයක් බවත්, චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමේදී රාජ්‍ය මට්ටමේ ආදර්ශයක් පෙනෙන්නට නොමැති බවත් ඔහු චෝදනා කළා.
සමාජ මාධ්‍ය හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවුරුදු සැමරුම් සහ වර්තමාන නායකයන්ගේ සැමරුම් සැසඳීම පිළිබඳව අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා කියා සිටියේ, වර්තමාන ඇතැම් නායකයන්ට පවුල් ඒකකයක් නොමැති වීම නිසා මූලික අවුරුදු චාරිත්‍රවල පදනම ගිලිහී ගොස් ඇති බවයි.
2026 අප්‍රේල් 22, පෙ.ව. 12:31
2026 අප්‍රේල් 22, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 22, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 22, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 22, පෙ.ව. 12:17