hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 26, පෙ.ව. 10:14



ඉන්ධන ලබා දීමේ නව ක්‍රමවේදය යටතේ සියලුම ත්‍රි රෝද රථ මේ මස අවසන් වීමට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ට්විටර් පණිව්ඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, ත්‍රි රෝද රථ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත ගොස් ලියාපදිංචි විය යුතු බවයි.

ඒ අනුව අගෝස්තු 1 වනදා සිට නිශ්චිත ඉන්ධන පිරවුම්හලකින් පමණක් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.