hit counter

2026 අප්‍රේල් මස 22 වන බදාදා

2026 අප්‍රේල් 23, පෙ.ව. 12:19



2025 වසරේදී ශ්‍රී ලංකාව අත්කරගත් ආර්ථික වර්ධන වේගයට වඩා පහළ අගයක් 2026 වසරේදී වාර්තා විය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලය ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, සංචාරක පැමිණීම 30%කින් පමණ පහළ ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, කාලගුණික හා දේශගුණික බලපෑම් හේතුවෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයද පීඩාවට පත්ව ඇති බවය.

එමෙන්ම කාර්මික අංශයේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ අපනයන ක්ෂේත්‍රයට ඇතිව ඇති බාධා හේතුවෙන්, සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් දුර්වල වීමේ අවදානමක් පවතින බවද ඔහු අවධාරණය කළේය.

ගෝලීය ආර්ථික තත්ත්වයද මෙයට බලපාන බව පෙන්වා දුන් මහාචාර්යවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථන පහළ දමා ඇති බව සඳහන් කළේය.

ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීම ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයන දෙකම බලපාන අතර, ඉන්ධන, පොහොර සහ ඉලෙක්ට්‍රොනික උපාංග වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධ සැපයුම් ජාල බිඳවැටීම්ද ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: