2026 අප්‍රේල් 28, ප.ව. 12:20
ඉකුත්දා අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිපල ලද සිසුන්ට වඩාත් ඉක්මනින් උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට අවකාශය ලබාදෙමින් NSBM හරිත සරසවියේ 2026 මැයි කණ්ඩායම සඳහා ලියාපදිංචිය මේ වනවිට ආරම්භ කර ඇත. ඒ හරහා සිසුන්ට තවදුරටත් ප්‍රමාද නොවී ඔවුන්ගේ උසස් අධ්‍යාපන අරමුණු කරා ලඟා වීමට අවස්ථාව හිමි වේ.
මෙම නව කණ්ඩායම සඳහා NSBMහි ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු සහ විද්‍යා පීඨ යටතේ ක්‍රියාත්මක වන උපාධි 60කට අධික ප්‍රමාණයක් පිරිනමයි. ඒ අනුව උසස් පෙළ විභාගය අවසන් කළ සිසුන්ට ව්‍යාපාර කළමනාකරණ, පරිගණක, ඉංජිනේරු, ජෛව විද්‍යා, මනෝ විද්‍යා, හෙද, ඖෂදවේදය, නීතිය, අභ්‍යන්තර සැලසුම්කරණ, ප්‍රමාණ සමීක්ෂණ, බහු මාධ්‍ය වැනි විෂය ක්ෂේත්‍රයන්ගේ උපාධි පාඨමාලා තෝරාගත හැක.
එම උපාධි අතුරින් සිසුන්ට NSBM හරිත සරසවිය මඟින් පිරිනමන දේශීය උපාධි මෙන්ම ලොව පිළිගත් විදෙස් විශ්වවිද්‍යාල වන එංගලන්තයේ University of Plymouth, ඕස්ට්‍රේලියාවේ Victoria University, ඕස්ට්‍රේලියාවේ Southern Cross University සහ ඇමරිකා එක්සත් American University අනුබද්ධව පිරිනමන උපාධි සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වේ.
ලියාපදිංචි වීමට අපේක්ෂිත සිසුන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට සරසවි පරිශ්‍රය දැකබලා ගැනීමටත්, පාඨමාලා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටත් කදිම අවස්ථාවක් සලසමින් මැයි මස 08, 09 සහ 10 යන දිනයන්හි “NSBM Open Day” පැවැත්වීමට නියමිතය. එම දිනයන්ට සහභාගී වන සිසුන්ට සරසවියේ ප්‍රවීණ කථිකාචාර්ය මණ්ඩලය හමුවී වෘත්තීය උපදේශනය ලබාගැනීමටත්, තමන්ට ගැලපෙන උපාධිය තෝරාගෙන එවෙලේම ලියාපදිංචි වීමටත් පහසුකම් සලසා ඇත. මීට අමතරව, NSBM සිසුන්ගේ නිර්මාණශීලී ප්‍රදර්ශන කුටි සහ කලා සංගම් ඉදිරිපත් කරන විවිධ අංගයන්ගෙන් ද මෙම දින කිහිපය වර්ණවත් වනු ඇත.
වැඩිදුර විස්තර 011 544 5000 හෝ 071 244 5000 (WhatsApp) හරහා ලබා ගත හැකිය.
2026 අප්‍රේල් 30, ප.ව. 12:22
2026 අප්‍රේල් 30, ප.ව. 12:01
2026 අප්‍රේල් 29, ප.ව. 1:37
2026 අප්‍රේල් 29, ප.ව. 1:16
2026 අප්‍රේල් 28, ප.ව. 2:06