2026 මැයි 17, පෙ.ව. 12:14
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව කියන මල්වානේ දේපළ කිසියම් කණ්ඩායමක් අත්පත් කරගැනීමේ වරදක් තමන් නොදකින බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිශාන්ත අබේසේන පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ස්ථානයට ගොස් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායම නොවන බව තමන් විශ්වාස කරන නමුත්, කවර පාර්ශ්වයක් හෝ එහි ගොස් එම දේපළ පිළිබඳව ජනතා අවධානය නැවත යොමු කරවීම වැදගත් බවයි.
එසේම අයිතිකරුවෙකු නොමැති දේපළක් තිබිය නොහැකි බැවින් එහි අයිතිය මහ ජනතාව සතු විය යුතු බවත්, තාක්ෂණික කරුණු මත මීට පෙර නිදොස් වූ එම නඩු කටයුතු නැවත ඉදිරියට ගෙන යන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ, පසුගියදා මල්වානේ මෙම විරෝධතාව සිදු කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට හිතවාදී ශිෂ්‍ය කණ්ඩායමක් බවයි. ආණ්ඩුව කරන්නේ තමන් බව ජවිපෙට අමතක වී ඇති බව ද ඔහු සඳහන් කළේය.
මල්වානේ පිහිටි මෙම නිවස බැසිල් රාජපක්ෂට අයත් බවට සඳහන් වුවද, නඩු විභාගවලදී විත්තිකරුවන් එය තමන්ට අයිති නැති බව ප්‍රකාශ කිරීම නිසා අධිකරණය විසින් මෙය හිමිකරුවෙකු නොමැති දේපළක් ලෙස මීට පෙර නම් කර තිබිණි. 2022 මැයි 9 වනදා ඇති වූ අරගලයේදී මෙම නිවසට පිරිසක් කඩා වැදී ගිනි තබන ලද්දේ එවැනි පසුබිමකය.
2026 මැයි 17, පෙ.ව. 12:20
2026 මැයි 17, පෙ.ව. 12:16
2026 මැයි 17, පෙ.ව. 12:15
2026 මැයි 17, පෙ.ව. 12:12
2026 මැයි 17, පෙ.ව. 12:10
17-05-26
17-05-26
17-05-26
17-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
02-05-26
02-05-26