2026 මැයි 24, පෙ.ව. 12:02
‘Miss Aura International 2026’ අවසන් මහා තරග රාත්‍රිය, මැයි 22 පැවැත්වුණා.
ඒ, තුර්කියේ දීයි. එහි ජයග්‍රාහී කිරුළට හිමිකම් කියූවේ, චෙක් ජනරජය නියෝජනය කළ ‘Isabella Rossini’ විසිනි.
තරගයේ ලාංකේය නියෝජනය, වෛද්‍ය දෙවීනා නවීක්ෂි (Dr Deveena Naveekshi) අවසන් තරගකාරිණියන් 20 දෙනා අතරට (Top 20) පැමිණීමට සමත්කම් දැක්වූ අතර මෙය ශ්‍රී ලංකාව පළමු වතාවට Miss Aura International වේදිකාවේ අවසන් වටයට පිවිසි අවස්ථාව වීම විශේෂය.
එමෙන්ම ඇය ලාංකේය නාමය ඉහළින් ම ඔසවා තබමින්, තරගයේ හොඳම ජාතික ඇඳුමට (Best National Costume) හිමි රූ කිරුළ දිනාගනු ලැබුවා.
වෛද්‍ය දෙවීනා මේ සඳහා තෝරාගෙන තිබුණේ, “ගුරුළා” සංකල්පය ඇසුරින් නිර්මාණය කළ අභිමානවත්, ආකර්ෂණීය නිර්මාණයකි.
ඇය වෙනුවෙන් එය නිර්මාණය කර තිබුණේ, මෙරට ප්‍රකට නිර්මාණ ශිල්පීන් කණ්ඩායමක් වන NL Creations (Wedage Namal) විසිනි.
එම ජයග්‍රහණය ද ශ්‍රී ලංකාව Miss Aura International තරගයකදී ලැබූ පළමු ජයග්‍රහණය වේ.
මෙලෙස ලාංකේය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය දේවීනා නවීක්ෂි, මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.
එමෙන්ම රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් බිහිවුණු දක්ෂ වෛද්‍යවරියකි.
2026 මැයි 23, ප.ව. 7:05
2026 මැයි 23, පෙ.ව. 12:06
2026 මැයි 22, පෙ.ව. 12:07
2026 මැයි 21, පෙ.ව. 12:01
2026 මැයි 20, පෙ.ව. 12:28
24-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
23-05-26
23-05-26
23-05-26
23-05-26
23-05-26
23-05-26
23-05-26
23-05-26
22-05-26
22-05-26
22-05-26
22-05-26
22-05-26
22-05-26
21-05-26
21-05-26