hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2022 අප්‍රේල් 22, ප.ව. 4:16



රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයකදී සිදුකළ වෙඩි තැබීමකින් මියගිය තරුණයාගේ නිවසට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු සමග ෆොන්සේකා මහතා සාකච්ජාවකද නිරත වී තිබෙනවා.

මෙලෙස මියගොස් තිබුණේ කරඳගස් තැන්න, හිරිවඩුන්න, නාරම්බැද්ද රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ඩී චමින්ද ලක්ෂාන් නැමැත්තෙක්.

ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්.

ඊයේ රාත්‍රියේ රඹුක්කන විරෝධතාවේදී වෙඩි වැදී මියගිය කේ.ඩී.චමින්ද ලක්ෂාන් මහතාගේ නිසල දේහය නිවසට රැගෙන විත් තිබුණේ නිවැසියන් සහ හිතවතුන්ගේ සෝ සුසුම් මැදයි.

ඔහුගේ අවසන් කටයුතු හෙට (23) සවස දේවාලේගම පොලිස් වසමේ නාරම්බැද්ද, හිරිවඩුන්න සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

සරත් ෆොන්සේකා මහතා චමින්ද ලක්ෂාන් මහතාගේ නිවසට ගිය අවස්ථාවේ වීඩියෝව පහතින්,

https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=525142449330441