2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:05
රත්තරන් පවුමක මිල අහස උසට ගිහින් තියෙන මේ කාලේ පාරට බහින්නත් මිනිස්සු බය වෙන්නේ මාල කඩන හොරුන්ගේ තියෙන කරදරේ හින්දා.
හැබැයි ඔන්න ඊයේ පෙරේදා දවසක මහ දවාලේ අහිංසක කාන්තාවකගේ මාලයක් කඩන්න ආපු හෙල්මට් හොරෙකුට නම් මුළු ජීවිත කාලෙටම අමතක නොවෙන පාඩමක් ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙනවා.
සිද්ධිය වෙන්නේ මෙහෙමයි…
සාප්පුවකට ගොඩවෙලා තමන්ගේ පාඩුවේ හිටපු කාන්තාවක් ළඟට එකපාරටම කඩාපනිනවා හෙල්මට් එකක් දාගත්ත මාරයෙක් වගේ පුද්ගලයෙක්. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව, ඇසිපිය ගහන සැනින් මේ කාන්තාවගේ බෙල්ලේ තිබුණු මාලය එක ඇදිල්ලෙන් කඩාගන්න හොරා එතැනින් පැනලා දුවන්න ලෑස්ති වෙනවා.
සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් වුණාම ඕනෑම කාන්තාවක් කරන්නේ කෑගහලා විලාප තියන එක හරි, බයවෙලා ක්ලාන්ත වෙන එක හරි නේ? හැබැයි මේ අක්කා කරපු වැඩෙන් එතන හිටපු හැමෝම විතරක් නෙවෙයි, මාලේ අරන් දුවන්න හදපු හොරාත් තප්පරේකට හොල්මන් වෙලා ගියා!
බෙල්ලේ මාලේ නැහැ කියලා දැනගත්ත ගමන් මේ කාන්තාව කරේ බයවෙලා කෑගහන එක නෙවෙයි, කට කොනකින් පටන් අරන් හිනාවෙන්න ගත්ත එක!
හේතුව මොකක්ද දන්නවද?
අර හොරා මහලොකු රත්තරන් මාලයක් කියලා හිතලා දහඩිය මහන්සියෙන්, ජීවිතේ පරදුවට තියලා කඩාගෙන දුවලා තියෙන්නේ පේමන්ට් එකෙන් රුපියල් දෙසීයකට තුන්සීයකට ගත්ත ඉමිටේෂන් (Imitation) මාලයක්!
කඩාගත්ත මාලෙත් අතේ තියාගෙන, කාන්තාවගේ සිනහව මැද්දේ අන්දුන් කුන්දුන් වෙලා පැනලා දුවපු අර හොරාට, පස්සේ උකස් කඩේකට හරි රත්තරන් බඩු කඩේකට හරි ගියාම කොහොම ලැජ්ජාවක් හිතෙන්න ඇද්ද කියලා හිතාගන්න පුළුවන්නේ? තෙල් පිච්චුවා, රස්නේ අස්සේ හෙල්මට් දාගෙන බයවෙවී දිව්වා, අන්තිමට අතට ආවේ ටකරන් කෑල්ලක්!
ඇත්තටම අද කාලේ හැටියට ලංකාවේ හැම කාන්තාවක්ම මේ වගේ බුද්ධිමත් වෙනවා නම්, මාල කඩන හොරුන්ට පාරක් පාරක් ගානේ රස්තියාදු වෙවී පිස්සු හැදෙන එක නතර කරන්න කාටවත්ම බැරි වෙයි. ලක්ෂ ගණන් දීලා රත්තරන් දාලා බෙල්ල දීගෙන ඉන්නවට වඩා, මේ වගේ ලස්සන ඉමිටේෂන් එකක් දාලා හොරුන්ට “කැරට් 24 ලණුවක්” දෙන එක කොයිතරම් නුවණට හුරුද?
2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:07
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:30
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26