2026 ජූනි 05, පෙ.ව. 12:07
මිනිසුන් තම ස්මාර්ට් ජංගම දුරකථන සමඟ ගත කරන කාලයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් කිසිදු පැහැදිලි අරමුණක් නොමැතිව වැය කරන බව ඩිජිටල් පුරුදු පිළිබඳව කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
Virgin Media O2 ආයතනයේ අනුග්‍රහය ඇතිව සකස් කරන ලද මෙම වාර්තාවට අනුව, බ්‍රිතාන්‍යයේ වැඩිහිටියන් දිනකට සාමාන්‍යයෙන් පැය 4ක් තම ජංගම දුරකථන සමඟ ගත කරන අතර, ඉන් 36%ක්ම වැය කරන්නේ කිසිදු අරමුණක් නොමැතිව සමාජ මාධ්‍ය සහ විවිධ ඇප්ස් ඔස්සේ නිකරුණේ සැරිසැරීම සඳහාය.
කිසිදු නිශ්චිත හේතුවක් නොමැතිව දුරකථනය දෙස බලා සිටීමට වැඩි කාලයක් වැය කරන පුද්ගලයන්ට, පසුව ඒ පිළිබඳව පසුතැවීමක් හෝ මානසිකව අවුල් සහගත බවක් දැනෙන බව පර්යේෂකයන් සොයාගෙන ඇත.
එසේම එවැනි පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ හානිකර හෝ අප්‍රසන්න දේවලට මුහුණ දීමේ ප්‍රවණතාව ද වැඩි බව මෙහිදී අනාවරණය විය.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය එලිනෝර් ඩ්‍රේජ් පවසන්නේ, මෙය පුද්ගලයන්ගේ වැරදි තේරීමක් නිසාම සිදුවන්නක් නොවන බවයි.
නූතන තාක්‍ෂණික මෙවලම් මිනිසුන්ව දැඩිව ඇදබැඳ තබාගන්නා ආකාරයෙන් නිර්මාණය කර තිබීම, මෙම අධික භාවිතයට ප්‍රධානතම හේතුවක් බව ඇය පෙන්වා දෙයි.
මෙම සොයාගැනීම් පදනම් වී ඇත්තේ 2024 සහ 2026 වසර අතර කාලය තුළ වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයන් 6,000කගේ පමණ දායකත්වයෙන් පවත්වන ලද සමීක්ෂණ ඇසුරිනි.
කෙසේ වෙතත්, මෙලෙස පුද්ගලයන් තමන්ම ලබාදෙන තොරතුරු සැමවිටම නිවැරදි නොවිය හැකි බවට ද විශේෂඥයෝ අනතුරු අඟවති.
බාත් ස්පා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පීට් එචෙල්ස් පවසන්නේ, මිනිසුන් බොහෝ විට තමන් දුරකථනය සමඟ ගත කරන කාලය සැබෑ කාලයට වඩා වැඩියෙන් තක්සේරු කරන බවයි.
නමුත් තමන් තුළ ඇති මෙවැනි අහිතකර පුරුදු හඳුනා ගැනීම, ඒවා පාලනය කර ගැනීමට තබන වැදගත් පළමු පියවරක් බව ඔහු සඳහන් කළේය.
මෙලෙස අධික ලෙස තිරය දෙස බලා සිටීමේ පුරුද්ද අඩු කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය නොවන නොටිෆිකේෂන් අක්‍රිය කර තැබීම සහ අන්තර්ජාලයෙන් බැහැර බාහිර ක්‍රියාකාරකම් සඳහා වැඩි කාලයක් වෙන් කිරීම වැනි පියවර අනුගමනය කළ හැකි බව විශේෂඥයෝ යෝජනා කරති.
Age of Autopilot ලෙස නම් කර ඇති මෙම වාර්තාව මඟින් ස්මාර්ට්ෆෝන් සඳහා මිනිසුන් තුළ ඇති ඇබ්බැහිය පිළිබඳව වර්ධනය වන කනස්සල්ල මතුකර පෙන්වන අතර, පරිශීලකයන්ගේ හැසිරීම් පාලනය කිරීම සඳහා ඩිජිටල් වේදිකාවන් නිර්මාණය කර ඇති ආකාරය පිළිබඳව මීට වඩා පුළුල් දැනුවත්භාවයක් සමාජය තුළ ඇති විය යුතු බව ද අවධාරණය කරයි.
2026 ජූනි 05, පෙ.ව. 12:04
2026 ජූනි 05, පෙ.ව. 12:00
2026 ජූනි 04, ප.ව. 5:42
2026 ජූනි 04, ප.ව. 4:56
2026 ජූනි 04, ප.ව. 3:26
26-05-26
26-05-26
27-10-25
27-10-25
10-06-25
10-06-25
11-04-25
11-04-25
29-01-25
29-01-25
08-10-24
08-10-24
24-02-24
24-02-24
18-11-23
18-11-23
12-11-23
12-11-23
31-08-22
31-08-22