hit counter

2026 ජූනි මස 05 වන සිකුරාදා

2026 ජූනි 05, පෙ.ව. 10:14



බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් ඉල්යාස් මොහොමඩ් අර්කම් මහතා පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී එය පෞද්ගලීකරණය කර ඇති බවට සමාජය තුළ පවතින මතය අසත්‍ය බවයි.

නව විදුලිබල පනත මඟින්ද මෙම ආයතනවල පූර්ණ අයිතිය තහවුරු කර ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, අදාළ සමාගම්වල 100%ක අයිතිය රජය සතු වන අතර වෙනත් කිසිදු පෞද්ගලික සමාගමකට එහි හිමිකාරීත්වයක් නොමැති බවද වැඩිදුරටත් සඳහන් කළා.

විදුලිබල ක්ෂේත්‍රය ආයතන හතරකට බෙදා පෞද්ගලීකරණය කිරීමටත්, පෞද්ගලික ආයෝජනවලට අවස්ථාව ලබාදීමටත් රජය කටයුතු කර ඇති බවට මාධ්‍යවේදියා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ,

“පෞද්ගලික ආයෝජන වැරදි කියලා අපි කියන්නේ නෑ. පෞද්ගලීකරණය කරලා නෑ. 100%ක් මහා භාණ්ඩාගාරයට අයත් ආයතන 6ක් තමයි අපි පිහිටෙව්වේ. ඒකේ ප්‍රයිවට් ලිමිටඩ් කියලා නම ආපු ගමන් ඒක පෞද්ගලීකරණය වෙන්නේ නෑ. පනතෙත් තියෙනවා 100%ක් රජයට අයිතියි. කිසිම සමාගමකට අයිති නෑ.”

මාධ්‍ය නාලිකාවක පැවැති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: