2026 ජූනි 09, පෙ.ව. 10:19
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩු හතරක තීන්දුව අද (09) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
එම නඩු හතරක තීන්දුව පසුගිය මස (26) වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, එදින නඩුකරයන් කැඳවූ අවස්ථාවේදී තීන්දු ලියා සූදානම් කර නොමැති බව විනිසුරුවරයා නිවේදනය කළේය.
පසුගිය 2006 වර්ෂයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, එම ආයතනය සඳහා කුලී පදනම මත වාහන ලබාගැනීමෙන් රජයට පාඩු සිදුකළ බවට එල්ල වී ඇති දූෂණ චෝදනා මුල් කරගනිමින් අල්ලස් කොමිසම විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩු පවරා ඇත.
2026 ජූනි 09, ප.ව. 5:20
2026 ජූනි 09, ප.ව. 4:53
2026 ජූනි 09, ප.ව. 4:07
2026 ජූනි 09, ප.ව. 4:04
2026 ජූනි 09, ප.ව. 2:47