hit counter

2026 ජූනි මස 16 වන අඟහරුවාදා

2026 ජූනි 16, පෙ.ව. 12:12



රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මෙම වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වන මුල් මාස හතරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 1624.7 දක්වා 7.3%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මඟින් අප්‍රේල් මාසයට අදාළව නිකුත් කර ඇති වාර්තාවක දැක්වේ.

ඒ අනුව 2025 වර්ෂයේ මුල් මාස හතරේ දී රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1751.8ක් බවත් 2025 වර්ෂයේ මුල් මාස හතරට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස හතරේ දී ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් ලෙස පහත වැටී තිබෙනවා.

එහෙත් මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේ දී රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 348 ක් වන අතර 2025 වර්ෂයේ අප්‍රේල් මාසයේ දී රෙදිපිළි ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 365.3ක් ලෙස සඳහන්.

එබැවින් මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේදීත් රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 4.7%කින් පහත වැටී ඇති බව මහ බැංකු වාර්තාවේ දැක්වෙන බව වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: