2026 ජූනි 18, ප.ව. 6:36
සී.සී.ටී.වී දර්ශන තිබිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ නිළධාරීන් සුරේශ් සලේට වධ හිංසා පමුණුවා ඇත්තේ, අදාල දර්ශන, කොටි හිතවාදීන්ට අලෙවි කිරීමේ අරමුණෙන් යන සැකය තමන්ට තිබෙන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල චෝදනා කරයි.
එසේම, වෙනත් කිසිදු රැදවියෙකුට නොකර ඇති ආකාරයේ වද හිංසාවන්ට සුරේශ් සලේ ලක්කර තිබෙන්නේ, තමන්ට ඡන්දය දුන් සහ මුදල් ලබා දුන් කොටි හිත වාදීන්ට කළග-ුණ සැලකීමටදැයි උදය ගම්මන්පිල ආණ්ඩුවෙන් අසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රැදවුම් භාරයේ සිටින සුරේශ් සලේ වද බන්ධනයට ලක් කර තිබෙන බවට තමන් මුලින්ම අනාවරණය කළ වේලේ, පොලිසිය මාධ්‍ය හමුවක් පවත්වමින් තමන්ගේ චෝදනාව බොරු කියා පැවසූවත්, මේ වන විට තමන් කියූ දේ ඇත්තක් බව තහවුරු වී ඇති බවද ගම්මන්පිල පවසයි.
එබැවින්, පොලිසිය තමන්ගෙන් සමාව ගතයුතු බව පවසන හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, එසේ නොකරන්නේ නම් සතියක් ඇතුළත, රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා පොලිසියට එරෙහිව නඩු පවරන බවද පවසයි.
2026 ජූනි 18, ප.ව. 6:34
2026 ජූනි 18, ප.ව. 1:59
2026 ජූනි 18, ප.ව. 1:52
2026 ජූනි 18, ප.ව. 12:33
2026 ජූනි 18, පෙ.ව. 10:57