2026 ජූනි 22, පෙ.ව. 10:30
ජාතික පිළිකායතනයේ නේවාසික පිළිකා රෝගීන් සඳහා ක්‍රියාත්මක කර තිබූ මහා පරිමාණ තැඹිලි දාන වැඩසටහන හේතුවෙන් මතුව ඇති සෞඛ්යාරක්ෂිත සහ ආරක්ෂක ගැටලු සැලකිල්ලට ගනිමින් එම ක්‍රියාවලිය සීමා කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
රෝහල් පාලනාධිකාරිය සඳහන් කරන්නේ සතියේ දින හත පුරාවටම ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන රෝහල් භූමියේ රසායනාගාර ආසන්නයේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර විධිමත් අවසරයකින් තොරව බාහිර පුද්ගලයන් රැසක් ද ඒ සඳහා එක්වූ බව නිරීක්ෂණය වූ බවයි.
මේ සම්බන්ධයෙන් ජාතික පිළිකායතනයේ අධ්යක්ෂවරයා විසින් සිදු කළ නිරීක්ෂණ සහ විශේෂඥ වෛද්‍යවරුන්, අංශ ප්‍රධානීන් සහ රෝහල් කමිටුව සමඟ පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවලදී රෝගී සත්කාර සේවාවට අහිතකර බලපෑම් රැසක් පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා.
විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණය දුර්වල වූ අසාධ්‍ය පිළිකා රෝගීන්ට ප්‍රමිතියකින් තොර හා සෞඛ්යාරක්ෂිත නොවන ආකාරයෙන් තැඹිලි වතුර ලබාදීම, ආරක්ෂිත මුව ආවරණ හා අත්වැසුම් නොමැතිව බාහිර පුද්ගලයන් වාට්ටු තුළට ඇතුළු වීම, රෝගීන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් ඡායාරූප හා වීඩියෝගත කිරීම් සිදුකර ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම යන කරුණු පිළිබඳ දැඩි අවධානය යොමු වී ඇති බව සඳහන් .
ඒ අනුව,රෝහල් පරිශ්‍රය තුළ අනාරක්ෂිත තත්ත්වයක් මතුවීම මෙම තීරණයට බලපා ඇති බව පාලනාධිකාරිය පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, රෝහලේ රෝගීන් සඳහා දෛනිකව අවශ්‍ය වන තැඹිලි ගෙඩි සංඛ්‍යාව 100ත් 200ත් අතර ප්‍රමාණයක් බව ඇස්තමේන්තු කර ඇති අතර, එම අවශ්‍යතාව සපුරාලීම සඳහා පරිත්‍යාගශීලීන්ට ආහාර ඇණවුම් නිලධාරියා මඟින් ප්‍රධාන මුළුතැන්ගෙට තැඹිලි භාරදීමට අවසර ලබාදී ඇති බව ද ජාතික පිළිකායතනය දැනුම් දෙනවා.
2026 ජූනි 22, පෙ.ව. 10:42
2026 ජූනි 22, පෙ.ව. 10:26
2026 ජූනි 22, පෙ.ව. 10:23
2026 ජූනි 22, පෙ.ව. 10:20
2026 ජූනි 22, පෙ.ව. 12:28