2026 ජූනි 28, පෙ.ව. 12:30
මේ වනවිට මිලියන 12කට වැඩි පිරිසකට ටින් අංකය (TIN) නිකුත් කර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරයි.
තවත් මිලියන 5ක් පමණ ටින් අංකය හෙවත් බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ලබාගැනීමට සිටින බවද නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස හැඳුනුම්පත් අංකය ඇතුලත් කිරීමෙන් ටින් අංකයක් ඇත්දැයි පරීක්ෂා කළ හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
එහෙත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තැපෑල හරහා ටින් අංකය අදාළ පුද්ගලයින් වෙත නොයැවීම හේතුවෙන් බොහෝ පිරිසක් තමන්ට ටින් අංකයක් ඇත්ද යන්න නොදන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:27
2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:22
2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:21
2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:15
2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:13