hit counter

2026 ජූනි මස 24 වන බදාදා

2022 ජූලි 28, ප.ව. 6:48



මොරටුව සොයිසාරාම විහාරයේ වැඩ විසු සාමනේර හිමි නමක් රඹුටන් ඇටයක් සිරවී දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අපවත් වී ඇතැයි සොයිසාරාම මහ විහාරයේ විහාරාධිපති දොඩම් පහල සුගුණ නාහිමියන් පැවසුවා.

මෙසේ අපවත් වී ඇත්තේ දස හැවිරිදි බුලත්ගම ශ්‍රි විභුති සාමනේර හිමි නමය. 

සාමනේර හිමිගේ හදිසි අපවත්වීම සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ඊයේ (27) රඹුටන් ඇටයක් සිරවී කලුබෝවිල රෝහලට ඇතුලත් කල බවයි.

එහිදි හදිසි අනතුරු අංශයෙන් රඹුටන් ඇටය ඉවත් කලද සාමනේර හිමියන් අසාධ්‍ය තත්වයට පත්ව සිටි බවයි.