2026 ජූනි 30, පෙ.ව. 10:23
ගල්ෆ් කලාපයේ හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක ව්‍යාප්ත උද්ධමනයක් ඇති විය හැකි බවට හටගත් සැකයත් සමඟ ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් මිලෙහි අඩුවීමක් සිදු වී තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ ඇමෙරිකානු ෆෙඩරල් රිසර්ව් බැංකුව ඉදිරියේදී පොලී අනුපාත තවදුරටත් ඉහළ නංවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් අනුමාන කරන අතර ස්ථාවර පොලී ආදායමක් උපයා ගත නොහැකි රන් වැනි වටිනා ලෝහ සඳහා පවතින ඉල්ලුම පහත වැටීමට මෙම අපේක්ෂාවන් සෘජුවම බලපා ඇති බවයි වාර්තාවන්නේ.
ඒ අනුව ලෝක වෙළෙඳපොළේ ක්ෂණික රන් මිල 0.9% කින් පහත වැටී ඇති අතර එහිදී රන් අවුන්සයක අගය ඇමෙරිකානු ඩොලර් 4049.90 ක් දක්වා අවප්‍රමාණය වී තිබෙනවා.
මීට අමතරව එළඹෙන අගෝස්තු මාසය සඳහා වන රන් මිල ද 0.8% ක පිරිහීමක් පෙන්වමින් ඩොලර් ,063.50 ක් ලෙස සටහන් වුණා.
මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්මක වන සාම සාකච්ඡාවල සාර්ථකත්වය පිළිබඳව ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ පවතින අවිශ්වාසයද මෙලෙස රන් මිල උච්චාවචනය වීමට ප්‍රධාන හේතුවක් බව නිරීක්ෂකයින් පෙන්වාදෙනවා.
එමෙන්ම ෆෙඩරල් බැංකුව මේ වසර තුළ තවත් තෙවරක් පොලී අනුපාත ඉහළ දැමීමේ ඉඩකඩක් පවතින අතර, ලබන සැප්තැම්බර් මාසයේදී පොලී අනුපාත වැඩි වීමේ ප්‍රවණතාව 61% ක් තරම් ඉහළ මට්ටමක පවතිනවා.
2026 ජූනි 30, ප.ව. 12:53
2026 ජූනි 26, ප.ව. 2:28
2026 ජූනි 25, ප.ව. 2:06
2026 ජූනි 24, පෙ.ව. 11:44
2026 ජූනි 24, පෙ.ව. 11:42
30-06-26
30-06-26
30-06-26
30-06-26
29-06-26
29-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26