hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2026 ජූලි 02, පෙ.ව. 12:12



රටට සෙතක් උදාවීම සඳහා එදා විහාරමහා දේවිය මුහුදට බිලි කළාක් මෙන් වත්මන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියවද කැලණියෙන් මහ මුහුදට බාර කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ජනතාව මුලාවේ දැමීම වහාම නතර කරන ලෙසට තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ සිට බිම් මට්ටම දක්වා සිටින්නේ මහා පරිමාණ හොරුන් පිරිසක් බවට චෝදනා කළ දිලිප් වෙදආරච්චි මහතා, වත්මන් පාලනය රටට සාපයක් වූ අහිගුණ්ඨක ආණ්ඩුවක් බව පවසනවා.

කෙසේවෙතත් ලංකා ඉතිහාසයේ කැළණි තිස්ස රජු දවස සිදුවූ ක්‍රියාවක් නිසා මුහුද ගොඩගැලූ අවස්ථාවේදී, රට සහ ජනතාව එම විපතෙන් බේරා ගැනීම සඳහා විහාරමහා දේවියව මුහුදට බිලි දීමට පියවර ගත් බව සිහිපත් කළ මන්ත්‍රීවරයා, වත්මන් ආණ්ඩුවෙන් රටට සිදුවන විපතෙන් රට මුදා ගැනීමටද එවැනිම පියවරක් ගත යුතු බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.  

ඒ අනුව අග්‍රාමාත්‍යවරියවද කැලණියෙන් මුහුදට බාර කරන ලෙසට තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු පවසනවා.  

එමෙන්ම තවදුරටත් ජනතාව පීඩාවට පත් නොකර රටේ ජනතාවට ජීවත් විය හැකි වටපිටාවක් සකස් කිරීමට කටයුතු කරන ලෙස  දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: