2022 ජූලි 28, ප.ව. 7:24
මුඛ ආවරණ නොපැලද හැටන් නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් මින් ඉදිරියට ඉන්ධන ලබාගැනිමට පැමිණෙන රියදුරන්ට ඉන්ධන නිකුත් නොකිරිමට හැටන් පොලිසියේ නිලධාරින් සහ ඉන්ධන පිරවුම්හල් වල සේවකයින් විසින් ඊයේ (27) සිට පියවර ගෙන තිබෙනවා.
ජාතික ඉන්ධන නිකුත් කිරිමේ බලපත්‍රය අනුව හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක් මගින් ඊයේ (27) සිට ඉන්ධන නිකුත් කිරිම ආරම්භ කල අතර, ජාතික ඉන්ධන නිකුත් කිරිමේ බලපත්‍රය ලබා ගැනිමට ලියාපදිංචි නොවු ඊයේ (27) දිනට අදාල 6, 7, 8, 9 අංක සහිත වාහනවල විස්තර සටහන් කරගෙන ඒ සදහා අනුමත සිමාවන්ට යටත්ව ඉන්ධන නිකුත් කිරිමට හැටන් ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් සේවකයින් පියවර ගෙන තිබුණා.
මුඛ ආවරණ පලදමින් ඉන්ධන ලබා ගැනිමට පැමිණෙන ලෙස හැටන් පොලිසියේ නිලධාරින් විසින් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කර ගනිමින් රියදුරන් දැනුවත් කිරිමට පියවර ගෙන තිබුණා.
හැටන් – රංජිත් රාජපක්ෂ
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:11