2026 ජූලි 06, පෙ.ව. 11:48
මීගමුව බන්ධනාගාරය තුළ යළි ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන් දෙදෙනෙකු ආරක්ෂක නිලධාරීන් වන බව වාර්තා වනවා.
මෙම ගැටුමෙන් 25කට අධික පිරිසක් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කෙරුණා.
කෙසේවෙතත් මෙම තත්ත්වය පාලනයට පොලීසිය වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර තිබෙනවා.
ඊයේ ඇතිවූ තත්ත්වයෙන් පසු අද උදෑසන වනවිට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර තිබුණද මේ වනවිට යළි එහි නොසන්සුන් තත්ත්වය නිර්මාණය වී තිබෙනවා.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ පස්වරු 1.00ට පමණ ගැටුමක් හටගෙන තිබුණා.
රිමාන්ඩ් භාරයේ සිටින රැදවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බව පොලිසිය පැවසුවා.
එහිදී ද රැඳවියන් 02දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 38 දෙනෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
2026 ජූලි 06, ප.ව. 1:45
2026 ජූලි 06, ප.ව. 1:22
2026 ජූලි 06, ප.ව. 1:02
2026 ජූලි 06, ප.ව. 1:00
2026 ජූලි 06, ප.ව. 12:26