hit counter

2026 ජූලි මස 08 වන බදාදා

2026 ජූලි 08, ප.ව. 2:02



ජැක්සන් ඇන්තනී කියන්නෙම රංග පාසලක්. ඉතිං එතුමන් අපි අතරෙන් වෙන්වුණත් ඒ මතකය සදාකල්ම තියනවා.

ඔහු උපදින්නේ 1958.07.08 දිනක. ඒ කියන්නේ අදවගේ දිනකයි.

ඔහු සකල කලාවන්ගෙන්ම පරිපූර්ණ අපූරු දක්ෂ කලාකරුවෙකි.

එහෙත් 2023 ඔක්තෝබර් 09 වැනි ඒ අවසානාවන්ත පුවත අපට අසන්නට ලැබුණි.

ඔහු අහිමි වූ අඩුව කිසිදින පිරවීමට නොහැකිවනු ඇත.

අදටත් ඒ අඩුව හොදාකාරවම කලා ක්ෂේත්‍රය තුළ දැනෙයි. ඉතිං ජැක්සන් ඇන්තනි කලාකරුවාණනි

ඔබට සුබ උපන්දිනයක් වේවා

අද දින උපන්දිනය සමරට ඔහුට මාධවී හරි අපූරු සටහනක් මුහුණුපතට එකතු කරලා තිබුණා .

අප්පච්චි මේ ලෝකෙ උපන්නෙ අද වගේ දවසක.. 1958.07.08

පොඩිකුඹුරෙ ඇත්තො කිව්වෙ “මැල්සි උපන්නෙ ජූලි හතක් පහු කරන්” කියලලු. “යළි අප අතරේ උපදීවා” කියන්න බෑ අවංක හිතින්. “හොඳ ජීවීන් අතරේ උපදීවා” මගෙ හොඳ අප්පච්චි! ඉන්න තැනක සතුටින් ඉන්න මගේ පැතුම එච්චරයි. මට නැති වුනාට කමක් නෑ. අප්පච්චි හොඳින් නම්.