2026 ජූලි 23, ප.ව. 4:41
කොළඹ වරාය නගර පරිශ්රයේදී චීන ජාතිකයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකට සම්බන්ධ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී පිස්තෝලයක් සහ සන්නිවේදන උපකරණයක් සොයාගත් බව පොලිසිය පවසයි.
මෙම ගැටුමෙන් චීන ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.
මීට අමතරව, ගැටුම අතරතුර තුවාල ලැබූ බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයෙකු, ප්රතිවිරුද්ධ කණ්ඩායමේ පිරිසක් විසින් බලහත්කාරයෙන් එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
සිද්ධිය වූ ස්ථානයේ තිබී හමු වූ සැකකටයුතු වාහනයක් පරීක්ෂා කිරීමේදී මෙම පිස්තෝලය සහ සන්නිවේදන උපකරණය පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
2026 ජූලි 23, ප.ව. 5:46
2026 ජූලි 23, ප.ව. 3:32
2026 ජූලි 23, ප.ව. 2:32
2026 ජූලි 23, ප.ව. 2:07
2026 ජූලි 23, ප.ව. 1:39