2026 ජූලි 27, ප.ව. 3:39
HUTCH සමාගම සිය වෙළෙඳ ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කළ ‘කහවනු උදානය’ වැඩසටහනේ සිව්වන අදියර, දිවයින පුරා විසිරී සිටින වෙළෙඳ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් ලෙස නිමාවට පත් විය.
2022 වසරේදී ආරම්භ කළ මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා වෙළෙඳ නියෝජිතයන් 100 දෙනෙකු සම්බන්ධ වූ අතර එහිදී ඔවුන්ට රුපියල් මිලියන 15ක වටිනාකමකින් යුත් ත්‍යාග පිරිනමා ඇත. මේ වනවිට වෙළෙඳ ප්‍රජාව අතර වඩාත් පුළුල් වූ මෙම වැඩසටහන සඳහා රට පුරා සිටින අලෙවි නියෝජිතයින් 10,000කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇත. සිව්වන අදියර අවසන් වන විට පිරිනමා ඇති සමස්ත ත්‍යාග වල වටිනාකම රුපියල් මිලියන 200 ඉක්මවා තිබේ.
මෙම වැඩසටහනේ සිව්වන අදියර ඉහළම වටිනාකමකින් යුත් ජයග්‍රහණ රැසක් හිමි වූ අදියරක් ලෙස වාර්තා විය. එහිදී වෙළෙඳ නියෝජිතයන් විසි දෙනෙකු වෙත රුපියල් මිලියනයක් හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් දැවැන්ත ත්‍යාග හිමි වූ අතර, ඉන් එක් වාසනාවන්ත වෙළෙඳ නියෝජිතයෙකු රුපියල් මිලියන 2ක සුපිරි මුදල් ත්‍යාගයක් හිමිකර ගැනීමට සමත් විය. මීට අමතරව, ජයග්‍රාහකයින් තිදෙනෙකු වෙත උසස් තත්ත්වයේ විදුලි යතුරුපැදි (EV Bikes) පිරිනමා ඇත. එමෙන්ම තවත් වෙළෙඳ නියෝජිතයන් කිහිපදෙනෙකු වෙත රන් කාසි 8 බැගින් සහ 4 බැගින් පිරිනමන ලදී. ඒ අනුව මෙම අදියරේ දී පමණක් පිරිනමා ඇති මුළු රන් කාසි සංඛ්‍යාව 447කි.
ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් වෙළෙඳ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විය. ‘කහවනු උදානය’ මඟින් මෙම වෙළෙඳ නියෝජිතයන්ගේ දායකත්වය අගයමින් ඔවුන් ඇගයීමට ලක් කර ත්‍යාග පිරිනැමීම සඳහා සුවිශේෂී අවස්ථාවක් සලසා දී ඇති අතර, HUTCH සමාගමේ සාර්ථකත්වයට ප්‍රධාන ශක්තියක් වන ඔවුන් දිවයින පුරා වෙසෙන ප්‍රජාව සමඟ සබඳතා ගොඩනගා ගනිමින් සමාගමේ ශක්තිමත්භාවය තවදුරටත් තහවුරු කරයි. එබැවින් මෙම වැඩසටහන හුදෙක් ඇගයීමක් පමණක් නොව, දිවයින පුරා සේවය කරන සිය වෙළෙඳ නියෝජිතයන් සමග දිගුකාලීන, ශක්තිමත් හවුල්කාරිත්වයක් ගොඩනැඟීම සඳහා ඔවුන් වෙනුවෙන් සමාගම දක්වන ආයෝජනයකි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HUTCH ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විකුණුම් නිලධාරී තරිඳු විජේරත්න මහතා ප්‍රකාශ කළේ ඔවුන්ගේ නිෂ්පාදන හා සේවාවන් පාරිභෝගිකයා වෙත ගෙන යන වෙළෙඳපොළේ ප්‍රධානතම ශක්තිය සිය වෙළෙඳ නියෝජිතයන් බවයි. ඔහු පෙන්වා දුන්නේ මෙම වැඩසටහන ඔස්සේ ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ සිය නියෝජිත ජාලය නිසි ඇගයීමකට ලක් කිරීම බවයි. මෙමඟින් අප කෙරෙහි වෙළෙඳුන් තබා ඇති විශ්වාසය තව තවත් වර්ධනය වන බවත් සිව්වන අදියරේ දී මෙතරම් විශාල සාර්ථකත්වයක් ලැබීමට හැකිවීම, මෙම වැඩසටහන අපගේ වෙළෙඳ ප්‍රජාව අපට කෙතරම් සමීප ද යන්න මැනවින් පසක් කර දෙන්නක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව සිය වෙළෙඳ ප්‍රජාව දිරිගැන්වීම උදෙසා තවදුරටත් මෙය ඉදිරියටම රැගෙන යමින්, ත්‍යාග අඛණ්ඩව පිරිනැමීමටත්, ‘කහවනු උදානය’ වැඩසටහනේ පස්වැනි අදියර ක්‍රියාත්මක කිරීමට HUTCH සමාගම සූදානම් බවත් නිල වශයෙන් නිවේදනය කර තිබේ.
2026 ජූලි 27, ප.ව. 2:44
2026 ජූලි 27, පෙ.ව. 11:13
2026 ජූලි 27, පෙ.ව. 9:17
2026 ජූලි 23, ප.ව. 3:56
2026 ජූලි 22, ප.ව. 3:33