2026 අගෝස්‍තු 01, පෙ.ව. 12:21
පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුකර ඇති බවත්, ඊට අදාළ නීතිමය කටයුතු මේ වසර අග වනවිටදී ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත් වෙළෙඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසූ බව වාර්තා වේ.
ඒ අනුව වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන ලූස් පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධව ගැටලු පවතින බැවින් පොල්තෙල් බෝතල්වල හෝ ඇසුරුම්කර අලෙවි කිරීමට අදාළව නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව වැවිලි අමාත්‍යාංශය, පොල් සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කරනු ලැබුවේ පසුගිය වසරේ (2025) මැද භාගයේදීයි.
එසේම පොල් තෙල් ඇසුරුම් කර විකිණීම සම්බන්ධව අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඔස්සේ නිකුත් කිරීම සම්බන්ධවද ඉකුත් කාලයේදී සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්.
එසේම මේ සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කෙරෙන බව අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පවසා ඇති බව සඳහන්.
එමෙන්ම අසල්වැසි ඉන්දියාවේද පොල්තෙල් ලූස් වශයෙන් අලෙවි නොකරන බවත්, එරට තුළ පොල්තෙල් අලෙවි කෙරෙන්නේ ඇසුරුම් කිරීමෙන් අනතුරුව බවත් එම නිලධාරියා කියා සිටි බව පවසයි.
මෙම නීතිය පොල්තෙල්වලට පමණක් නොව පාම් තෙල් ඇතුළු ආහාරයට ගන්නා අනෙකුත් තෙල් වර්ගවලට අදාළවද ක්‍රියාත්මක කිරීම සම්බන්ධවද අවධානය යොමුවී තිබෙන බවත්, බොහෝ දුරට මෙම නීතිය මේ වසර අග වනවිටදී ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇති බව සඳහන්.
2026 අගෝස්‍තු 01, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 01, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 01, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 01, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 01, පෙ.ව. 12:12
01-08-26
01-08-26
01-08-26
01-08-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
30-07-26
30-07-26
30-07-26
30-07-26
30-07-26
30-07-26
30-07-26
30-07-26
29-07-26
29-07-26
28-07-26
28-07-26