2026 අගෝස්තු 01, පෙ.ව. 12:23
එල්-නිනෝ තත්ත්වයත් සමග උතුරු නැගෙනහිර ඇතුළු මෙරට මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීම යළි දැනුම් දෙනතුරු තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණයත් සමග ඉදිරි දිනවල මෙරට මාළු මිල ගණන් තවදුරටත් ඉහළ යාමේ අවදානමක් මතුවී ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ වෙළෙඳ සංගමය කියා සිටී.
මේ වන විට දියඹට ගොස් තිබෙන බහුදින යාත්‍රාවලින් මත්ස්‍ය අස්වැන්න ලැබෙන නිසා ඉදිරි දින කිහිපය තුළ විශාල ප්‍රශ්නයක් මතු නොවුණත් දැනට පනවා තිබෙන තහනම හේතුවෙන් සාලයා, හුරුල්ලා සහ කුම්බලා, ගල්මාළු මිල ගණන් යළි ඉහළ යනු ඇතැයි එම වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි පවසයි.
මීට සතියකට දෙකකට පෙර සාලයා, හුරුල්ලා වැනි මාළු කිලෝවක තොග මිල රුපියල් 1000 ඉක්මවා ගොස් යළි රුපියල් 1000 සීමාවට අඩු වූ බවත් මුහුදේ සුළං තත්ත්වයත් සමග කුඩා මාළු මිල ගණන් යළි ඉහළ යනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කළේය.
2026 අගෝස්තු 01, පෙ.ව. 12:21
2026 අගෝස්තු 01, පෙ.ව. 12:16
2026 අගෝස්තු 01, පෙ.ව. 12:15
2026 අගෝස්තු 01, පෙ.ව. 12:15
2026 අගෝස්තු 01, පෙ.ව. 12:12
01-08-26
01-08-26
01-08-26
01-08-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
30-07-26
30-07-26
30-07-26
30-07-26
30-07-26
30-07-26
30-07-26
30-07-26
29-07-26
29-07-26
28-07-26
28-07-26