2026 අගෝස්තු 10, පෙ.ව. 10:10
ප්‍රකට ඉන්දීය නළු සහ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජෝශප් විජේගේ පුත්‍රයා වන ජේසන් සංජේ, සිය මවගේ පාර්ශ්වයෙන් පවතින ශ්‍රී ලංකා සම්භවය සහ යාපනය සමඟ ඇති සම්බන්ධතාව පිළිබඳව පළමුවරට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
සිය මවගේ උපන් නගරය වන යාපනය සමඟ ඇති පවුල් පසුබිම මෙන්ම, තමාගේ පළමු සිනමා නිර්මාණය වන ‘සිග්මා’ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමට උත්සාහ කළ අයුරු ඔහු එහිදී සිහිපත් කර ඇත.
මෑතකදී ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජේසන් සංජේ පවසා ඇත්තේ, සිය මව ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයේ උපත ලබා එහි හැදී වැඩී පසුව විදෙස්ගත වී ඇති බවයි. ශ්‍රී ලංකාවට පැමිණෙන විට තමන්ගේ මුත්තණුවන්ට අයත්ව තිබූ දේපළක් තම පවුලේ අතීතය මතක් කර දෙන වැදගත් සජීව සබැඳියාවක් ලෙස පවතින බවද ඔහු සඳහන් කර තිබේ.
තවද, ජේසන් සංජේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සිග්මා’ නම් නවතම සිනමා ව්‍යාපෘතියේ රූගත කිරීම් කටයුතු සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීම පිණිස ඔහුගේ කණ්ඩායම මෙරටට පැමිණ ස්ථාන පරීක්ෂා කර ඇති බවත්, කෙසේ වෙතත් කිසියම් හේතුවක් නිසා එම සැළසුම් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ බවත් ඔහු හෙළි කර ඇත.
අනාගතයේදී ශ්‍රී ලංකාව තුළ රූගත කිරීම් සිදු කරමින් මෙරට ඇති ස්වභාවික සෞන්දර්යය ලෝකයට ප්‍රදර්ශනය කිරීමට තමන් දැඩි කැමැත්තකින් පසුවන බවද ජේසන් සංජේ වැඩිදුරටත් පවසා තිබේ.
2026 අගෝස්තු 10, පෙ.ව. 12:17
2026 අගෝස්තු 09, පෙ.ව. 12:06
2026 අගෝස්තු 08, පෙ.ව. 12:14
2026 අගෝස්තු 07, පෙ.ව. 12:06
2026 අගෝස්තු 06, පෙ.ව. 12:11
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
09-08-26
09-08-26
09-08-26
09-08-26
08-08-26
08-08-26
08-08-26
08-08-26
08-08-26
08-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26