hit counter

2026 අගෝස්‍තු මස 14 වන සිකුරාදා

2026 අගෝස්‍තු 14, ප.ව. 1:02



බ්‍රහස්පතින්දාට සාපේක්ෂව අද (14) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 337 දක්වා පහළ ගොස් ඇත.

සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 329.35ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 338.60ක් ලෙසත් පෙර දිනයට සාපේක්ෂව වෙනසකින් තොරව පවතී. NDB බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 329.40 සිට රුපියල් 329.00 දක්වාත්, විකුණුම් අනුපාතය රුපියල් 338.40 සිට රුපියල් 338.00 දක්වාත් පහළ ගොස් තිබේ.

මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 329.88 සිට රුපියල් 329.54 දක්වා පහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතයද රුපියල් 338.06 සිට රුපියල් 337.71 දක්වා අඩු වී ඇත.

කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 328.06 සිට රුපියල් 327.07 දක්වා පහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 338.00 සිට රුපියල් 337.00 දක්වා අඩු වී තිබේ.

සම්පත් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 330.00 සිට රුපියල් 329.50 දක්වාත්, විකුණුම් අනුපාතය රුපියල් 338.00 සිට රුපියල් 337.50 දක්වාත් පහළ ගොස් ඇත. ඒ අනුව අද දිනයේදී බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් අනුපාතය පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් ඇති අතර, එය රුපියලේ අගය ශක්තිමත් වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.         





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: