2026 අගෝස්තු 05, ප.ව. 5:17
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල 2026 දි National Business Excellence Awards (NBEA) 2026 සමස්ත ජයග්රාහකයාට හිමි රන් සම්මානයෙන් (Overall Gold Award) මහජන බැංකුව පිදුම් ලබයි. සමස්ත ව්‍යාපාරික ක්ෂේත්රය තුළ නායකත්වය, පාලන ක්‍රියාවලිය, නවෝත්පාදනය, ගනුදෙනුකාර සේවාව සහ තිරසර කාර්ය සාධනය යන අංශයන්හි දැක් වූ විශිෂ්ටත්වය අගයමින් මෙම සම්මානය මහජන බැංකුව වෙත පිරිනැමිණි.
එමෙන්ම සුවිසල් කාණ්ඩය (Extra-Large Category), දේශීය වෙළඳපළ ප්රවේශයේ විශිෂ්ටත්වය (Local Market Reach) සහ බැංකු අංශය (Banking Sector) යන ප්‍රධාන කාණ්ඩ ත්‍රිත්වයේම ජයග්‍රහකයා බවට පත් විමටද මහජන බැංකුව සමත් විය.
මේ පිළිබඳ අදහස් දැක් වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා, මෙවන් සම්මානයන්ගෙන් පිදුම් ලැබීම. විශිෂ්ටත්වය සඳහා වන අප බැංකුවේ අඛණ්ඩ කැපවීම සහ කාර්ය මණ්ඩලයේ සාමූහික උත්සාහය පිළිබඳ මනා නිදසුනක් වෙනවා. දශක හයකට අධික කාලයක් මුළුල්ලේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය මින් මනාව පිළිබිඹු වනවා. මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් ලෙස, ශ්‍රී ලංකාවේ සමාජ – ආර්ථික සංවර්ධනයට අර්ථාන්විත දායකත්වයක් ලබාදෙන අතරම, අපගේ කොටස්කරුවන් සඳහා තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීමට අපි අඛණ්ඩව කැපවී සිටිනවා.
මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා, ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සමස්ත රන් සම්මානය දිනා ගැනීම වඩාත් අභිමානවත් සහ සුවිශේෂ අවස්ථාවක්. මෙහි ගෞරවය අපගේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදිම වෙනුවෙන් වෘත්තීය භාවයෙන්, කැපවීමෙන් සහ කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළ සෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටම අයත් වෙනවා. අපගේ සේවාවන් තවදුරටත් වැඩි දියුණු කරමින් සහ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරමින් මෙරට පොදු ජනතාවගේ බැංකුව ලෙස තවදුරටත් ඉදිරියට යාම අපගේ අපේක්ෂාවයි.’
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 10:33
2026 සැප්තැම්බර් 10, ප.ව. 2:37
2026 සැප්තැම්බර් 10, ප.ව. 12:01
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:03