hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2026 අගෝස්‍තු 19, ප.ව. 5:28



ජාත්‍යන්තර තරුණ දිනය නිමිත්තෙන් මහජන බැංකුව, සිය, YES Infinity 2026′ වැඩසටහන ඔස්සේ ශ්‍රී ලාංකීය තරුණ පරපුරට සුවිශේෂ ප්‍රතිලාභ රැසක් පිරිනැමීමට පියවර ගෙන ඇත.

මෙරට තරුණ තරුණියන් පහසු හා අති නවීන බැංකුකරණ විසඳුම්වලින් සවිබල ගැන්වීමේ අරමුණින්, ඔවුන්ගේ වෙනස්වන ජීවන රටා සහ අභිලාෂයන් සපුරාලීමට සහය වීම සඳහා ‘YES Infinity 2026 වැඩසටහන නිර්මාණය කර තිබේ. මේ යටතේ දිවයින පුරා තෝරාගත් වෙළඳ සැල් වලින් 40% දක්වා වට්ටම, වාහන ණය සඳහා සුවිශේෂ පොලී අනුපාතයන් ඇතුළු ප්‍රතිලාභ රැසක් පිරිනැමෙන අතර, මෙම දීමනා 2026 අගෝස්තු 12 සිට 2026 සැප්තැම්බර් 30 දක්වා වලංගු වේ.

මේ පිළිබඳව අදහස් දැක් වූ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ඒ. යූ. ඒ. අන්සර් මහතා. මෙරට පොදු මහජනතාවට බැංකු පහසුකම් සමීප කිරීමේ අරමුණින් මහජන බැංකුව 1961 වසරේදී පිහිට වූ අතර, ආරම්භයේ සිටම සෑම වයස් කාණ්ඩයකටම මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්හි නිරත ගනුදෙනුකරුවන්ට ගැලපෙන පරිදි සන්නම් ගත කරන ලද ගිණුම් හඳුන්වා දෙමින්, ඔවුන් වෙත බැංකු පහසුකම් සමීප කිරීමට කටයුතු කළා. 2003 වසරේ තරුණ දිනය තේමා කරගනිමින් මහජන බැංකුව YES ගිණුම ආරම්භ කළේ මෙරට තරුණ පරපුර වෙනුවෙන්මයි.

වර්තමානය වන විට YES ඉතිරි කිරීමේ ගිණුමින්, තරුණ තරුණයින්ගේ නවීන හා වේගවත් ජීවන රටාවන්ට සරිලන ආකර්ෂණීය ඩිජිටල් බැංකුකරණ පහසුකම් සහ මූල්‍ය ප්‍රතිලාභ රැසක් පිරිනැමෙනවා. ඒ අනුව, 2026 ජාත්‍යන්තර තරුණ දිනය වෙනුවෙන්ද ශ්‍රී ලාංකිය තාරුණ්‍යයේ සිහින හා අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා අත්වැලක් වීමට මහජන බැංකුව සූදානමින් සිටිනවා.

මෙම ගිණුම යටතේ ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට ඔබේ මුදල් කළමනා කරණය කිරීමේ හැකියාව ලැබෙන අතර, දිවයින පුරා විහිදුනු 330 කට අධික මුදල් තැන්පතු යන්ත්‍ර (CDM) සහ මුදල් ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍ර (CRM) යන්ත්‍ර ඔස්සේ පැය 24 පුරාම මුදල් තැන්පතු කිරීමේ පහසුකම් සැලසෙනවා. එමෙන්ම ඔබේ ඉලක්ක සපුරා ගැනීම සඳහා සුවිශේෂ මූල්‍ය විසඳුම් ද සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව, YES Infinity 2026 ඔස්සේ දිවයින පුරා විසිරි ඇති තෝරාගත් වෙළෙඳ සැල්වලින්, පවතින හා නව YES ඩෙබිට් කාඩ්පත්වලට 40% දක්වා වට්ටම පිරිනැමෙන අතර, People’s Auto Loan වාහන ණය පහසුකම් සඳහා විශේෂ 0.5% ක පොලී අඩු කිරීමක් හිමිවනවා.
මෙම YES Infinity 2026 හරහා, මහජන බැංකුව ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ මූල්‍ය අභිලාෂයන් සාක්ෂාත් කිරීමට සහය වීමේ අරමුණින් සුව පහසුව, ඩිජිටල් බැංකුකරණය. ගැලපෙන මූල්‍ය විසඳුම් සහ දීමනා එකම වේදිකාවකට ගෙන ඒම විශේෂත්වයකි.

ඔබත්, අදම YES ගිණුමක් විවෘත කර මෙම ප්‍රතිලාභ අත්විඳින මෙන් මහජන බැංකුව ආරාධනා කර සිටී. YES Infinity 2026 සහ ඉන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ වැඩි විස්තර 1961 ඔස්සේ මහජන බැංකුවේ ක්ෂණික දුරකථන සේවාව ඇමතීමෙන් හා www.peoplesbank.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගතහැක.