hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2026 අගෝස්‍තු 31, ප.ව. 5:37



අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ, අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා අද උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේය.