2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 12:41
සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක්, නිළියක් සහ තරඟ පුහුණුකරුවෙකු වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණගේ හදිසි අභාවයෙන් පසු, තහවුරු නොකළ තොරතුරු සහ විවිධ සමපේක්ෂන පතුරුවා හැරීමෙන් වළකින ලෙස නිරූපිකා රොසාන් ඩයස් මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
වයස අවුරුදු 46ක්ව සිටි කුමාරපතිරණ මියයන දිනට පෙර සවස වෝටර්ස් එජ්හි පැවති තරඟ වැඩසටහනක් සාර්ථකව පවත්වා ඇති අතර, ඇය අවසන් මොහොත දක්වාම නිරූපණ සහ කලා ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරීව කටයුතු කර තිබේ. කුමාරපතිරණගේ හදිසි අභාවය ඇගේ පවුලේ සාමාජිකයන්, සමීපතමයන්, මිතුරන් සහ ඇය සමඟ වෘත්තීයමය වශයෙන් සමීපව කටයුතු කළ සියලු දෙනාටම දැඩි වේදනාවක් ගෙන දුන් සිදුවීමක් බව රොසාන් ඩයස් සඳහන් කර ඇත.
මෙවැනි අවස්ථාවක අසත්‍ය හෝ තහවුරු නොකළ තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙසත්, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට බලපෑම් කළ හැකි සමපේක්ෂනවලින් වැළකී සිටින ලෙසත් ඇය ඉල්ලා තිබේ.
ඇයගේ සටහන මෙලෙසයි
”එමෙන්ම, නිල විමර්ශනවල ප්‍රතිඵල නිකුත් වීමට පෙර කිසිදු පුද්ගලයෙකුට අකාලයේ චෝදනා එල්ල නොකරන ලෙසත්, ශෝකයට පත් පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත් රොසාන් ඩයස් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත. ඇයගේ හදිසි වියෝව ඇයගේ පවුලේ සාමාජිකයන්ට, ආදරණීයයන්ට, මිතුරන්ට සහ ඇය සමඟ කටයුතු කළ පිරිසට අතිශය වේදනාකාරී මොහොතක් බව අමුතුවෙන් කිව යුතු නැත.
ඒ නිසා මේ මොහොතේ අපගේ වගකීම විය යුත්තේ
අසත්‍ය තොරතුරු ප්‍රචාරය නොකිරීම
විමර්ශනයට බාධාවක් වන අනුමානවලින් වැළකීම
කිසිවෙකු වරදකරු ලෙස පෙරම තීන්දු නොකිරීම
නිල විමර්ශනවල ප්‍රතිඵල බලා සිටීම
ශෝකයට පත් පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම ”
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:28
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:38
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:31
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:19
2026 අගෝස්තු 31, ප.ව. 10:47
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26