2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:30
ඉදිරි කාලයේදී බලාපොරොත්තු වන පරිදි වර්ෂාපතනයක් නොලැබුණහොත් විදුලි බිල ඉහළයාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි.
දෙරණ 360 නාලිකා වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු තුනෙන් එකකින් අඩු කරන බවට මෙම රජය ප්‍රකාශ කළද, මේ වන විටත් පැවැති මට්ටමට වඩා තුනෙන් එකකින් පමණ ගාස්තු වැඩි වී ඇති බවය.
එමෙන්ම ඉදිරියේදී නැවතත් ගාස්තු ඉහළ ගියහොත් ජනතාවට මෙන්ම එළඹෙන සංචාරක සමය හමුවේ සංචාරක කර්මාන්තයටද එය දරාගැනීමට නොහැකි වනු ඇති බව මන්ත්‍රීවරයා අවධාරණය කර සිටී.
පසුගිය කාලයේ පැවැති වර්ෂාපතනයෙන් ජල විදුලිය යම් ප්‍රමාණයකට ලබාගැනීමටත්, දහවල් කාලයේදී සූර්ය බලශක්තිය භාවිතයෙන් පද්ධතිය ස්ථාවර කරගැනීමටත් හැකි වූ බව මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම පසුගිය විදුලි ගාස්තු සංශෝධනයේදී ගල් අඟුරු පාඩුවෙන් ඇතුළත් කරනු ලැබුවේ සියයට 10ක් වැනි ප්‍රමාණයක් වුවද, ඉදිරියේ දී අලුතින් ගල් අඟුරු නැව් පැමිණ ඒවායින් විදුලිය උත්පාදනය කරන තෙක් මෙම පාඩුවෙන් මිදීමට නොහැකි බවත්, එම පාඩුව බදු මුදල් මගින් හෝ පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා,
“මේ වෙලාවේ සාමාන්‍යයෙන් වෙනදා නැති වාසියක් තියෙනවා. ජල විදුලිය සාමාන්‍යයෙන් ලැබෙන්නේ නැති කාලෙක. ඒ කියන්නේ එල් නිනෝ එකේ මැද වෙනදා හම්බ නැති වැහි දෙකක් විතර ගියා. එතකොට ඒ වෙලාවේ ජල විදුලියෙන් යම්තාක් දුරට පද්ධතිය ස්ථාවර කරගත්තා. ඒ වගේම සෝලාවලින් දවල් කාලය කරගත්තා. හැබැයි ඒත් මේක ඒ කියන්නේ මේක නැති කරොත් සීයට පහළවක් අවමය. ඒ කියන්නේ දැනට ගල් අඟුරු වංචාවේ එකෙනුත් සීයට දහයයි අතෙන්ට ගියේ.
ඒ කියන්නේ ගල් අඟුරු වංචාවේ පාඩුව සීයට දහයයිනේ කලින් විදුලි බිල වැඩි කිරීමේදී ඇතුළත් වුණේ. හැබැයි ඊළඟ එකේදි ගල් අඟුරු වංචාවේ එක එක්කෝ විදුලි බිලට ඇතුළත් කරන්න ඕනේ. එහෙම නැත්නම් කලින් කරා වගේ රජය. ඒ කියන්නේ බදු මුදල්. එක්කෝ බදු මුදල් වලින් යනවා. එක්කෝ පාරිභෝගිකයා ගෙවනවා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් මේ අවුරුද්ද පුරාම මේ ගල් අඟුරු වංචාවේ පාඩුව ගෙවන්න වෙනවා. ඒ කියන්නේ අලුතෙන් ආයෙ නැව් එන්න පටන් ගන්නකන්ම, ඒ කියන්නේ ඒ නැව්වලින් විදුලි උත්පාදනය කරනකම්ම, ඒ කියන්නේ තව හරියටම තව සති දෙකක්, තුනක් යනකම්ම මේකේ වංචාවේ පාඩුව රටේ ජනතාවගේ ඇඟට යන එක නවත්තන්න බෑ…
මේ වෙලාවේ මේ පාවිච්චි කරන ෆර්නස්, ඩීසල් පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නෑ. ඒ කියන්නේ මේ දූෂණය, මේ වංචාව වුණේ නැත්නම් මේ දැනට තියෙන වැස්සත් එක්ක හැකියාව තිබුණා කිසි ප්‍රශ්නයක් නැතුව දවල් කාලේ සෝලාවලින් යන ගමන් නොරොච්චෝලේ බලාගාරේ දැන් අද තුන්සීයක් අඩුවෙලා තියෙනවනේ, ඒ තුන්සීය තිබුණ නම් ඒ තුන්සීයයි අර අනිත් ටිකයි තිබුණා නම් කිසිම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ…
අනිවාර්යෙන්ම විදුලි බිල වැඩි කිරීමකට යන්න වෙනවා. එහෙම නැත්නම් විශේෂ වැස්සක් ඇවිල්ලා ඉදිරි කාලයේදී ආශීර්වාදයක් වෙලා ආවේ නැත්නම්. හැබැයි පසුගිය කාලේ ගත්තොත් ඒ තිබ්බ අර ගල් අඟුරුවල වෙච්ච පාඩුව එකතු වීමට නියමිතයි. එතකොට අනිවාර්යෙන් විදුලි බිල වැඩි වීමකට යන්න වෙනවා. මම විශ්වාස කරන්නේ නැහැ එහෙම වෙයි කියලා. හැබැයි තුනෙන් එකක් අඩු කරන එක කෙසේ වෙතත් දැන් තුනෙන් එකක් විතර වැඩි වෙලා තියෙන්නේ. ඊට අමතරවත් ඉස්සරහට නම් ජනතාවට විශේෂයෙන්ම කාටවත් මේක දරා ගැනීමේ හැකියාවක් නැහැ. දැන් සංචාරක කර්මාන්තය ගත්තම හෙට අනිද්දා සීසන් එක පටන් ගන්නේ. එතකොට මේ විදුලි බිල වැඩි වුණොත් ඒක දරාගැනීමේ හැකියාවක් නෑ…”
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:14
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:06
31-08-26
31-08-26
14-08-26
14-08-26
11-05-26
11-05-26
09-05-26
09-05-26
29-04-26
29-04-26
22-04-26
22-04-26
20-04-26
20-04-26
05-04-26
05-04-26
30-03-26
30-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
11-02-26
11-02-26