2026 සැප්තැම්බර් 11, ප.ව. 3:08
පසුගිය කාලයේදී වැඩි වර්ෂාපතනයක් ලැබුණු බැවින් විදුලි ජනනය සඳහා වැය වන වියදම යම් ප්‍රමාණයකට පාලනය කර ගැනීමට හැකියාව ලැබුණු බව වරාය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.
එනිසා විදුලි බිල ඉහළ දැමීමට අවශ්‍ය නොවන බවත් ඉදිරි කාර්තුව සඳහා විදුලි මිල ගණන් ඉහළ දැමීම සඳහා කිසිදු ආකාරයකට ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.
අමාත්‍ය අනුර කරුණාතිලක අද (11) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,
“අපි හිතනවා ඉදිරි මාස තුන, විශේෂයෙන් 2026 දී මේ එල්-නිනෝ තත්ත්වය නිසා අපිට කිසිම බලපෑමක් වෙන්නේ නෑ. ඒ වගේම කියන්න ඕන කාරණයක් තියෙනවා. අපි බලාපොරොත්තු වුණු ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණ නිසා විදුලි ජනනයේ වියදම යම් ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන් වුණා.
ඒ අනුව ඉදිරි කාර්තුව සඳහා විදුලි මිලේ වැඩි වීම සඳහා කිසිදු විදිහකට ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ වගේම ලබන අවුරුද්දේ මුල් මාස 03 සඳහා විදුලි ජනනය අඛණ්ඩව සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග බලශක්ති අමාත්‍යාංශය පියවර අරගෙන තියෙනවා.”
2026 සැප්තැම්බර් 11, ප.ව. 3:17
2026 සැප්තැම්බර් 11, ප.ව. 2:45
2026 සැප්තැම්බර් 11, ප.ව. 2:08
2026 සැප්තැම්බර් 11, ප.ව. 12:07
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 10:48