2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:11
පලතුරු වගාවේ නිරත ගොවීන්ගේ අවදානම ආවරණය කිරීමට පලතුරු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බව සඳහන්.
ඒ යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති අන්නාසි, පැපොල් සහ කෙසෙල් ඇතුළු පලතුරු භෝග රක්ෂණය කර ගැනීමට ගොවීන්ට අවස්ථාව ලැබේ. එමෙන්ම මූලික රක්ෂිත මුදලින් 7%ක මුදලක් වාරිකයක් වශයෙන් ගෙවීමෙන් මෙම රක්ෂණාවරණය ලබාගත හැකි බව පවසයි.
එමෙන්ම ස්වාභාවික විපත්, රෝග හා පළිබෝධ හානි, කෘමි හානි මෙන්ම වනඅලි හේතුවෙන් සිදුවන වගා හානි සඳහාද මෙම රක්ෂණාවරණය යටතේ ආවරණය හිමි වන බව සඳහන්.
වගාවට හානි සිදුවීමකදී අක්කරයකට රුපියල් ලක්ෂ 3ත් 4ත් අතර වන්දි මුදලක් ලබාදීමට නියමිත අතර අවදානම කළමනාකරණය කිරීම තුළින් ගොවීන් වගාව කෙරෙහි රඳවා තබා ගැනීම මෙම රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණ බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:17
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26