hit counter

2026 පෙබරවාරි මස 01 වන ඉරිදා

2022 ජූලි 31, ප.ව. 4:50



ඉකුත් ජුලි 9 වැනිදා කොළඹ කොටුව ජනාධිපති මැදුරට ඇතුලු වී එහි වූ බඩු දේපලවලට දී හානි කිරීමේ චෝදනාව මත වරෙන්තු ලබා සිටින සැකකරුවන් පස්දෙනෙකු ඊයේ (30) රාත්‍රියේ දි නුවරඑළිය කළුකැලේ බොනස්ටා ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නුවරඑලිය පොලිසිය ලබාගත් වරෙන්තුවක් ක්‍රියාත්මක කිරිමට මෙම පිරිසෙන් එක් සැකකරුවෙ අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවසට පොලීසිය ගිය අවස්ථාවේ අදාළ නිවෙසේ තවත් තරුණයන් සිව්දෙනෙකු රැදි සිටි බවත්, එම තරුණයන්ගෙන් ප්‍රශ්න කිරිමේ දි ඔවුන් ද අදාළ චෝදනාවට සම්බන්ධිත අය බවට අනාවරණය වී තිබෙනවා.

මොවුන්ගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී ඔවුන් පවසා ඇත්තේ ජනපති මැදුරට ඇතුළු වී හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් සිදු වන බැවින්, සැඟව සිටීමට තමන් ද සිය මිතුරාගේ නිවසට පැමිණි බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් නුවරඑළිය නිවසේ පදිංචි සැකකරුගේ නිවසට පැමිණ සැඟව සිටි පිරිස අතර බිංගිරිය, ගොතටුව, කළුතර, සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

හැටන් – රංජිත් රාජපක්ෂ