2026 සැප්තැම්බර් 23, පෙ.ව. 12:16
මීට වසර හතරකට පෙර බංකොලොත් තත්ත්වයේ පැවති ශ්‍රී ලංකාව, වත්මන් පාලනය යටතේ අද වන විට මැදි ආදායම්ලාභී රටක් බවට පත් කිරීමට හැකි වී ඇති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අවධාරණය කළේය.
තලවකැලේ, කොටගල ප්‍රදේශයේ පැවති සමාජවාදී තරුණ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වැඩිම විදේශ මුදල් ප්‍රමාණයක් රට තුළට ගලා එන මෙන්ම රේගු බදු ඇතුළු රාජ්‍ය ආදායම ඉහළම මට්ටමකට ළඟා කරගත් රටක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් පවතින බවයි.
ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ රුපියල් සහ ඩොලර් සංචිත ශක්තිමත්ව පිරෙන්නට පටන් ගෙන ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
“භාණ්ඩාගාරයේ රුපියල් සහ ඩොලර් පිරෙන්න පටන් ගත්තේ කිසිදු මැජික් එකකින් නෙවෙයි. මහජනතාවගේ බදු මුදලුත්, රටට ලැබෙන විදේශ විනිමයත් නයෙක් මැණිකක් රකිනවා වගේ ආරක්ෂා කරන්න අපේ ආණ්ඩුව මැදිහත් වූ නිසයි.
මීට පෙර රට පාලනය කළ අයගේ කාලයේ මේ පෙට්ටිවල යටින් විශාල හිල් තිබුණා. කොපමණ පිරෙව්වත් ඒ අය යටින් හොරෙන් ඇදලා තමන්ගේ ගිණුම්වලට දාගත්තා. වත්මන් රජය පත් වූ පසු සිදුකළේ ඒ සියලුම හොර හිල් සදහටම වසා දැමීමයි,” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එලෙස රාජ්‍ය ධනය සුරක්ෂිත කිරීම හේතුවෙන් ජනතාව ඉල්ලූ ප්‍රමාණයටත් වඩා වැටුප් වැඩිවීම් ලබාදීමට රජයට හැකි වූ බව පෙන්වා දුන් ඒ මහතා, වතුකරයේ ඇතුළු මෙරට වැඩකරන ජනතාව අතීතයේ පටන් පීඩාවට පත්වූයේ ඔවුන්ගේ වරදකින් නොව, වසර ගණනාවක් රට පාලනය කරමින් ජනතාව සූරාකෑ සිංහල, දෙමළ හා මුස්ලිම් සම්ප්‍රදායික පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 12:12
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 12:09