2026 සැප්තැම්බර් 11, ප.ව. 6:43
නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිතයින් පිරිසක් සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් එම පක්ෂ මූලස්ථානයේදී සිදුවිය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ සහ සම්මත කිරීමේදී විපක්ෂ දේශපාලන පක්ෂ සහ සියලු පාර්ශ්වයන් ඒකරාශීව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඉදිරි සතියේදී ඒ පිළිබඳව විපක්ෂ දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක්ව ඒකාබද්ධ සාකච්ඡාවකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇතිවිය.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සුජීව සේනසිංහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන,ජේ.සි අලවතුවල,සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් සහ නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය වෙනුවෙන් නිතීඥ ශිරාල් ලක්තිලක,ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
2026 සැප්තැම්බර් 11, ප.ව. 4:02
2026 සැප්තැම්බර් 11, ප.ව. 3:57
2026 සැප්තැම්බර් 11, ප.ව. 3:17
2026 සැප්තැම්බර් 11, ප.ව. 3:08
2026 සැප්තැම්බර් 11, ප.ව. 2:45